අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවු ඩයමන්ඩ් කතාව… ගෝඨා ගොඩහේවාගේ නැව් ඉල්ලීම ගැන විජේදාසට ඔව් කියලා ගොඩහේවාට නෑ කියල ද?ද?

මේක පිට්පොකැට් කාරයෙක් අන්න හොරා කියලා අදාල නැති මිනිහෙක් පෙන්නමින් දුවනවා වගේ වැඩක්... ගොඩහේවා විජේදාසට කියයි!

by editor
අප්‍රේල් 27, 2023
in පුවත්
MT-New-Diomend

නිවු ඩයමන්ඩ් නෞකාව නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබූ අයුරු

Share on FacebookShare on Twitter

නිවු ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් පිටතට  ගෙන යෑම සඳහා තමන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්  ඉල්ලීමක් කළායැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කළ ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය හා ද්වේශ සහගත එකක් බවත්, ඊයේ උදේ 11.50ට මේ ප්‍රකාශය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන්  විමසූ විට ඔහු එවැනි ප්‍රකාශයක් අධිකරණ ඇමතිවරයාට නොකළ බව තමන්ට තහවුරු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පෙරේදා (25) අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පසුගිය 2020 වසරේ සැප්තැම්බර් මස 02 දා නැගෙන හිර ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගත් නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි ගැනීමට නොහැකිවන සේ එම නෞකාව ශ්‍රී ලංකා දියඹෙන් ඉවතට යැවීමට නීතිපති උපදෙස් නොතකා, ජනාධිපති ගේ මගපෙන්වීම නොතකා එවකට විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මැදිහත් වී ඇති බවත්    ඒ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවතට යැවීම සඳහා එවකට වෙරළ ආරක්ෂක රාජ්‍ය ඇමතිව සිටි නාලක ගොඩහේවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැයි ඔහු තමන්ට පැවසූ බවත් හෙළි කිරීමෙන් පසුවය.

අධිකරණ ඇමතිවරයා පැවසුවේ තමන් දෙවරක් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා එම කරුණ තහවුරු කරගත් බවය.

නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේ දී  සඳහන් කළේ පිට් පොකැට් කාරයෙක් පිට් පොකැට් ගැසූ පසු අන්න හොරා යැයි කියමින් වෙන එකෙක් පසුපස පන්නන විටා හොරා පසෙක තබා මිනිස්සුන් හොරා පෙන්නූ පුද්ගලයා පසුපස පන්වන්නා සේ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකාවල වන්දි සිද්ධි සඳහා ඊට කිසිම අදාලයත්වයක් නැති තමන්ව පටලවා  ගැනීමට අධිකරණ ඇමතිවරයා ගන්නා උත්සාහය   පිට්පකොට් නිරූපණය වන්නේ යැයි සිතන බවය.

මේ පිළිබඳව නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා මෙසේ පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

NEW-DIOMEND
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය…

“ නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට යවන ලෙස  . නියෝගය දීලා තියෙන්නේ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහත්මයා. එම නියෝගය  අධිකරණ ඇමතිවරයා සභාගත කළා.”

“ විදේශ ලේකම්වරයා නාවික හමුදාපතිට ඊ මේල් පණිවිඩය යවනකොට ඒකෙ කියලා තියෙන්නේ මෙහෙම. “

“මේ අනතුරට ලක් වී ඇති නැව මුහුදු සීමාවේ රඳවා ගැනීමේ අනතුරුදායක බව සලකා මුහුද රළු වන්නට පෙර නැව ලංකා මුහුදු සීමාවෙන් ඉවත් කරනා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත කියා.”

“විජේදාස රාජපක්ෂ මැතිතුමාට මේක මදි. ඔහුට ඕන මේකට මාව පටලවා ගන්න. මම ඒ කාලෙ වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. “

“නියෝගය දීලා ඊමේල් තියනවා. එතුමාට මේකෙ ඇත්ත නැත්ත හොයන්න ඕන. ඒ නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඇහුවලු මේ ගැන.

“එතකොට විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා,  ගරු නාලක ගොඩහේවා මහත්මයත් මේ ගැන ඇහුවලු. නමුත් ජනාධිපතිතුමා කියලා තියනවා කියලා නීතිපති උපදෙස් අරන් තමයි නැව නිදහස් කරන්න ඕන කියලා.”

“වෙන කිසිම සාක්ෂයක් විජේදාස රාජපක්ෂ මහත්තයට නෑ…. මම කිව්වා තියනවා නම් සභාගත කරන්න කියලා.”

“දුරකථන පණිවිඩ අපටත් ගන්න පුලුවන්. මම කතා කළා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඊයේ.   හරියටම උදේ 11.50ට. මම එතුමගෙන් ඇහුවා ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා මෙහෙම කතාවක් කියලා තියනවා. ඒ කතාව ඇත්ත ද කියලා.”

“එතුමා මට කියනවා පිස්සු ද?, මතක නැද්ද ඔය නැව යවනවට ඔයත් පොඩ්ඩක්වත් කැමති වුනේ නෑනෙ කියලා. මමයි කිව්වේ නීති උපදෙස් අරන් කරන දෙයක් කරන්න කියලා විදේශ ලේකම්ටයි  මීප එකේ සභාපතිටයි කියලා. මේක තමයි ජනාධිපතිතුමාගේ මතය.”

“මම කතා කළා ජයනාත් කොළඹගේ මහත්මයාටත්. එතුමා හිටියෙ පිටරක. කතා කළේ දවල් 12.21ට. මොකද එතුමා කිව්වේ.”

“මම දන්නේ නෑ ඇයි ඔවුන් මේ සිද්ධියට ඔබේ නම ඈඳන්නේ කියලා. ඔබ කවදාවත් මේ සිද්ධිය ගැන මට කතා කළේ නෑ කියලා.”

“ඒ නිසා තමයි මා කිවේවෙ මේක සාවද්‍ය ප්‍රකාශයක් කියලා.”

“ජයනාත් කොළඹගේ මහත්තයා මට කිව්වා මේ නැව තෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑ දාහක් තිබ්බ තෙල් නැවක්. මේ තෙල් නැවේ බැරිවෙලාවත් හරි තෙල් කාන්දුවක් සිද්ධ වුනා නම් තව අවරුදු 20කටවත් මේ රටට සංචාරකයො ගෙන්වා ගන්න බැරි මහා විශාල හානියක් වෙනවා.  අන්න ඒ නිසා තමයි මේ නැව මුහුදු තීරයෙන් එළියට ගන්න බලධාරීන් තීරණය කළේ කියලා”

“ඕන දේකට හේතුවක් තියනවා. මේක මහා කුමන්ත්‍රණයක් කවුරුහරි කළ මගඩියක් කියලා පෙන්වන්න උත්සාහ කරන්න එපා.”

“එක්ස්ප්‍රස් පර්ල් ගැන අද තියෙන්නේ වන්දි සම්බන්ධයෙන් නීති දෙපාර්තමේන්තුවේ වැඩ ප්‍රමාද විම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ කවුරුහරි නඩුව ප්‍රමාද කළා ද කියන එක.”

“විජේදාස රාජපක්ෂ මහත්තයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා කවුරුහරි කෙනෙක් මේ සම්බන්ධව අල්ලසක් ගත්තා කියලා කිව්වා.”

“අල්ලසක් ගත්තා නම් අල්ලසක් ගන්න ඕන නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න.  නඩු දාන එක ප්‍රමාද කරන්න. එහෙමනම් ඒක කරන්න පුලුවන් කාටද?”

“නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ කෙනෙකුට. නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක හිතවත් කමක් තියන කෙනෙකුට. “

“පිට්පොකැට් කාරයො සමහරවෙලාවට පිට්පොකැට් ගැහුවට පස්සේ හොරා හොරා කියලා අනෙක් මිනිස්සුන්ට අත දික්කරමින් දුවනවා. එතකොට මිනිස්සුත් වෙන මිනිස්සු පස්සෙ එළවන්න පටන් ගන්නවා. මම දන්නෙ නෑ මෙතන තියෙන්නෙත් ඒ වගේ සිද්ධියක් ද කියලා. මට කියන්න තියෙන්නේ මෙපමණයි. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විජේදාස පාර්ලිමේන්තුවට කීවේ බොරු ද? නීතිපති සහ නීති ප්‍රවීණයන් අතර සාකච්ඡාවේදී එක්ස්ප්‍රස්පර්ල් නඩුව සිංගප්පූරුවේ පවරන්න එකඟ නොවුන බව නීති ප්‍රවීනයො කියති…

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායම ද්විත්ව ශතකවලින් උත්තර දෙති… නිශාන් , කුසල් ද්විත්ව ශතක වාර්තා කරති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.