තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙක් පහර දී ඝාතනය කර තිබේ. සිය නිවසේ සිටිය දී නිවසට පැමිණි මැර කණ්ඩායමක් කොස්තාපල්වරයාටත් ඔහුගේ බිරියටත් පහර දී කොස්තාපල්වරයා එතැනම මරා දමා පළා ගොස් තිබේ.
මැර ප්‍රහාරයකට ලක් වී මෙසේ ඝාතනය වී ඇත්තේ අධිවේගී මාර්ගයේ කසාගල පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වරයෙකි.
මාසික නිවාඩුවට සිය නිවසට පැමිණ සිටිය දී ඔහු මෙම ප්‍රහාරයට ලක් වී තිබේ. එම ස්ථානයේ දීම කොස්තාපල්වරයා ජීවතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.
ඔහුගේ බිරිය පැවසුවේ පුද්ගලික ආරවුලක් මුල් කරගෙන එම ප්‍රදේශයේම පිරිසක් විසින් සිය සැමියා පහර දී ඝාතනය කළ බවය.
මැරයින් ඇයට ද පහර දුන් බව ඇය කීවාය.







