නිලධාරීන් 75ක් දින 03ක් තිස්සේ කළ මෙහෙයුමෙන් සූරියවැව මහ කැලේ ගංජා හේන් 11ක් සොයා ගනී

ගංජා මෙහෙයුම

සූරියවැව – නුවන් ජයසේකර

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් විශේෂ කාර්ය බළකායේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ ඩ්‍රෝන යානා මෙහෙයුම් ඒකකයේ නිළධාරින්ගේ සහාය ඇතිව සූරියවැව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් 75 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් සූරියවැව හා හම්බෙගමුව පොලිස් බළ ප්‍රදේශවල පිහිටි කැළෑ ප්‍රදේශයන්හි දින 03ක් තිස්සේ සිදුකල විශේෂ මෙහෙයුමකදී ගංජා හේන් 11ක්, කසිප්පු තිප්පොලක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩගුවට ගැනීමට හැකි වී තිබේ.

පොලිස් පති වරයාගේ නියෝගය පරිදි සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව ප්‍රනාන්දු ගේ නායකත්වයෙන් යුතුව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණු අතර මේ සදහා සූරියවැව, හම්බන්තොට ,අම්බලන්තොට, උඩවලව හා කතරගම විශේෂ කාර්ය බළකා කදවුරුවලට අයත් නිළධාරීන් 75 දෙනෙකු එක්ව සිටියහ.

දින තුනක් තිස්සේ සිදුකළ මෙහෙයුමේදී සූරියවැව පොලිස් වසමේ තිබී ගංජා හේන් දෙකක් සමග සැකකරුවෙක්, කසිප්පු තිප්පොලක් සමග එක් සැකකරුවෙක් හා හම්බෙගමුව පොලිස් බළ ප්‍රදේශයේ කැලෑ තුළ තිබී ගංජා හේන් 09ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සමත් වී තිබේ.
අත්අඩංගුවටපත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට වැඩි බව වැටලීම් කළ නිලධාරීහු කීහ.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කළාප අණදෙණ නිළධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුරනාත දිසානායක, ප්‍රාදේශීය අණදෙණ නිළධාරී සහකාර පොලිස් අධිකාරී ආනන්ද පේමසිරිගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකායේ තොරතුරු තාක්ෂණ අංශයේ නිළධාරීන්ගේ සහාය ඇතිව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ කදවුරු අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතුව නිළධාරින් 75 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.

Exit mobile version