ලන්ඩනයේ දී ජෛව බුබුළ බිඳ දැමූ කුසල්-නිරෝෂන් ගැන පරීක්ෂණයක්

මේ වනවිට සමාජ මාධ්‍ය කළඹමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව ඔවුන්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවේ නිවැරදි බව සොයාබලා මෙම සිද්ධිය පිළිබඳ කණ්ඩායමේ කළමනාකරුට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇත.

මේ වනවිට එංගලන්තයේ ක්‍රිකට් තරගය සඳහා සහභාගි වී සිටින නිරෝෂන් සහ කුසල් කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති ජෛව බුබුළු ක්‍රමවේදය උල්ලංගනය කරමින් ඩර්හැම්හි වීදිවල දුම්වැටි පානය කිරීමට සූදානම් වෙමින් සැරිසරන ආකාරය ක්‍රිකට්ලෝලියකු විසින් වීඩියෝගත කර සමාජ ජාලයට මුදාහැර තිබුණි.


ක්‍රීඩකයන් මෙවන් ගැටලුවකට මුහුණ පා ඇත්තේ හෙට (29) එංගලන්ත-ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වීමට තිබෙන පසුබිමකදී ය. මෙම වීඩියෝව ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි විවේචනයට තුඩු දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ ඉන්නේ ඩර්හැම්හි අද රාත්‍රියේ සිය සංචාරය විනෝදයෙන් ගතකරන හුරුපුරුදු මුහුණු දෙකක්. මේ වීඩියෝව ගන්නේ ඉරිදා 23.28 ටයි. මේ ක්‍රිකට් ක්‍රීඩයන්ගේ වැඩ බලාපොරොත්තු සුන් කරවන්නක් වුවත් ඔවුන් තමන්ගේ ඩර්හැම් හි රාත්‍රිය විනෝදයෙන් ගත කිරීමට නම් අමතක කර නැහැ.” වීඩියෝව මුදාහරිමින් ක්‍රිකට් ලෝලියකු පවසා තිබුණි.

Exit mobile version