නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයාගේ මරණයට හේතුව කොවිඩ් අතුරු ආබාධයක්…

ලලිත් චාමින්ද –

කොවිඩ් වෛරසය ආසාදනය වී ගාල්ල දේද්දුගොඩ තලාපිටිය ප්‍රදේශයේ සිය නිවස තුළ  නිරෝධායනය වෙමින් සිටියදි මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව හෘදය වස්තුවට රුධිරය සැපයිම අවහිරවිම   බව  පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

මෙම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය  ඊයේ (19) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර   විසින්  සිදුකරණු ලැබිය. මෙකි පුද්ගලයා  නිදන්ගත රෝග කිහිපයකින් පෙළී ඇති අයෙකි.  

මෙම මස 05වැනි දින ඔහුට  ආසාදනය වීමෙන් පසු කරන්දෙණිය කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිට ඇත. මෙකි පුද්ගලයා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට  ඉකුත් 17වැනි දින නිවසට පැමිණ ඇත . නිවසේ තවදුරටත් දින14ක කාලයක් නිරෝධායනය වෙමින් සිටියදි මොහු ඊයේ (19) මියගොස් ගියේය.


“කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ හෘදය වස්තුවට රුධිරය සැපයිම අවහිරවිම නිසා වු මරණයක් විදියට තමයි  මරණයට හේතුව වශයෙන් ලබා දුන්නේ. කොවිඩ්  මරණයක් ද කියලා තීන්දු කරන්නේ  කොවිඩ්  සමබන්ධ විශේෂ කමිටුවක් මගින්. මෙම පුද්ගලයාගේ නිරෝධායන කාලය අවසන් නැහැ. දින 14ක් නිවස තුළද   නිරෝධායනය විය යුතුයි.“    විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර  පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය පුද්ගලයාගේ   හදිසි මරණ පරික්ෂණය අද (20) අක්මිමන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි පැවැත්විමට නියමිතව තිබුණි.

 

 

 

 

Exit mobile version