නියෝජ්‍ය නගරාධිපති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් සමාව ගනී

ලලිත් චාමින්ද –

ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස්   විසින් නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ට්‍රම් ද සිල්වා වෙත ආමන්ත්‍රණය කරණ ලද ආකාරය සම්බන්ධයෙන්  කණගාටුව පලකරන  බවට ඔහු විසින් දකුණු පළාත් ආණ්ඩුකාර  ආචාර්ය විලිගමගේ  වෙත ලිපියක්  මගින් දැනුම් දි ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බැන තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගත යුතු බවට  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශාඛාව මගින් ඉල්ලිමක් කොට තිබුණි. මේ සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශාඛාව ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා  වෙත දකුණු පළාත් ආණ්ඩුකාර  ආචාර්ය විලිගමගේ    ලිපියක් යොමුකරමින්  දන්වා ඇත්තේ  මෙම  සිද්ධිය සමබන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින්  තමන් වෙත කරුණු ඉදිරිපත්කොට ඇති බවය. ප්‍රශ්නගත සිද්ධියවන අවස්ථාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත ආමන්ත්‍රණය කළ ආකාරය පිළිබද තම කණගාටුව පළකොට ඇති බවද එම ලිපියේ සඳහන් කොට ඇත.

නියෝජ්‍ය නගරාධිපතිවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැණ වැදුණු අයුරු…


නියෝජ්‍ය නගරාධිපතිවරයා  ප්‍රශ්නගත අවස්ථාවේදි හැසිරි ඇති ආකාරය  සම්බන්දයෙන් සැහිමකට පත්නොවන බවත් ඔහු මහජන  නියෝජිතයකු වශයෙන් මිට වඩා සංයමයකින් යුතුව හැසිරිය යුතු බවත් වචන පාවිච්චි කළ යුතු බවත් දකුණු පළාත් ආණ්ඩුකාරවර  ආචාර්ය විලිගමගේ   තමන් වෙත යොමුකොට ඇති ලිපියේ සඳහන් කොට ඇති බවද  වෛද්‍ය මංජුල ද සොයිසා  පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල සිදුවිම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත තරයේ අවවාද කොට  ලිපියක් ඔහු වෙත යොමුකළ බවට මෙම ලිපියේ සඳහන්ව ඇති බවද ඔහු කියයි. මෙම  ප්‍රශ්නයට මැදිහත්වීම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර  ආචාර්ය විලිගමගේ  සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම්  සොමරත්න විදානපතිරණ   වෙත තම සංගමයේ ස්තුතිය පුදකරණ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Exit mobile version