නින්දවූර්වල හොර සල්ලි මුද්‍රණ මධ්‍යස්ථානයක්  වටලයි…

මුද්‍රණය විශේෂඥයා සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට... ලක්ෂ දහයකට ආසන්න හොර නෝට්ටු...

සුසන්ත අමරබන්දු

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර නීත්‍යානුකුල මුදල් නෝට්ටු සමඟ හෝ මාරු කිරීමේ ජාවාරමක නියැලුනු  තිදෙනෙක් ඊයේ (15) අක්කරෙයිපත්තුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

සැක කරුවන් අත්අඩංගුවට පත් වන්නේ  රුපියල් 6 ,40 000ක වටිනා කමකින් යුතු රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 128 ක් සමගිනි.  .

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අඩ්ඩාලච්ච්න, ඔළුවිල්, කල්මුන කුඩි 03  ප්‍රදේශයේ පදිංචි කරුවන් තිදෙනෙකි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන නවීණ මුද්‍රණ යන්ත්‍රයක්, මුදල් නෝට්ටු ප්‍රවාහනය කරමින් තිබු සුඛෝපභෝගී කාර් රථයක් සහ මුදල් නෝට්ටු මුද්‍රණයට භාවිතා කරන විශේෂ කොල ඇතුළු උපකරණ රැසක් අක්කරපත්තු පොලිසිය විසින් මේ මෙහෙයුම් දී  අත්අඩංගුවට ගන්නා ලදී.


මෙම ජාවාරම්කරුවන්  මුද්‍රණය කරන ලද ව්‍යාජ පන්දහසේ හොර නෝට්ටු නීත්‍යානුකූල මුදල්  වටිනාකම මෙන් දෙගුණයක් ගෙවෙමින් ලබාගෙන  මෙම ජාවාරම සිදු කරන යමින් තිබිණි. පොලිසිය මගින් පරීක්ෂණ කණ්ඩායමක් යොදවා නීත්‍යයානුකුල රුපියල් ලක්ෂ 5ක මුදලක් දී රුපියල් ලක්ෂ 10ක පමණ ව්‍යාජ මුදල් නෝට්ටු ලබාගන්නා බව පවසමින් අදාල ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කරගෙන තිබිණි.

කල්මුණේ සිට කාරයකින්  ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන පැමිණි දෙදෙනකු ඔලුවිල් වලදී පොලිසිය මගින් අත් අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී ඔවුන් සන්තකයෙහි ව්‍යාජ පන්දහසේ මුදල් නොට්ටු 78  පමණ විය.

පසුව අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත පොලිසිය නින්දවුර් කොල්ලු කන්ඩම්හි  නිවසක් වටලනු ලැබීය. ඒ අවස්ථාවේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි තවත් සැකකරුවකු ව්‍යාජ මුදල් නෝට්ටු 50ක් සහ සකස් කරමින් තිබූ තවත් මුදල් නෝට්ටු රැසක් සහ උපකරණද අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර ද ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මගහැර යමින් සිටි නිසා වරෙන්තු නිකුත් කල අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාළ සැකකරුවන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත තිබුණි.

 

Exit mobile version