අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිතියට පිට ගුරුවරු දඩයම් කරන්නටට බැරි වුණු හොරණ පොලිස් ස්ථානාධිපතිට වුණු දේ

ගුරු අරගලය සම්බන්ධව සමාජ හෘදය සාක්ෂිය අවදි වුණු මොහොතක්...

by editor
අගෝස්තු 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වැටුප් විෂමතා ඉවත්කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් කළුතර දිස්ත්‍රික් ගුරු සංගම් විරෝධය පැවැත්වෙන්නේ ඉකුත් ජුනි 26 වෙනිදාය. ඒ හොරණ නගරයේදීය.

පෙර දිනයේ හොරණ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ පොලිස් ප්‍රධානියෙකුගෙනි. ඔහු ස්ථානාධිපතිවරයාට උපදෙස් දෙන්නේ විරෝධයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ගන්නැයි කියාය. ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමක්ද මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා කළේය.

අනතුරුව උපදෙස ලැබෙන්නේ උද්ඝෝෂණයේ නිරතව සිටින ගුරුවරුන් දෙතුන් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙසය. ඉදිරිපෙළ සිටින නායකයින් අත්අඩංගුවට නොගන්නා ලෙසත් පසුපසින් එන සාමාන්‍ය ගුරුවරුන් ඉලක්කකරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාට එම පොලිස් ප්‍රධානියා උපදෙස් දුන්නේය.

එම උපදෙස් උද්ඝෝසණය මැඩලීමට යන්නට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන්ට දැනුම් දුන්නේය. එහිදී නිලධාරීන් බහුතරයකගේ මතය වූයේ එම උද්ඝෝසණයට සහභාගිවන්නේ ගමේ පාසල්වල ගුරුවරුන් බැවින් හදිසියකට පොලීසියට සිටින්නේද ගමේ පාසල බවය. ඉහළ නිලධාරීන්ගේ දැනුම් දීම්වලට අනුව පාසල්වල දරුවන්ට දේශන තියන්නත් පාසල් දරුවන් කේන්ද්‍රකරගත් වැඩ සටහන් සඳහා යන්නේත් එම ගුරුවරුන් සොයා නිසා ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම සුදුසු නැති බව බහුතරයක් වූ නිලධාරීන්ගේ මතය වී තිබුණි.

එසේම එම ගුරු උද්ඝෝෂණය නිසා සාමය බිඳ වැටීමක් සිදු නොවන බව මෙන්ම ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණ බවද පොලිස් නිලධාරීහු කීහ. තමන්ටත් උද්ඝෝෂණය කිරීමේ අයිතිය තිබුණි නම් මුලින්ම පාරට බසින්නේ පොලීසියේ නිලධාරීන් බවද ඒ අතර සිටි ඇතැම් නිලධාරීන් පවසා තිබුණේය.

කෙසේ වෙතත් නියමිත දින උද්ඝෝෂණය අවසන් වන විට ගුරුවරුන් තිදෙනෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේය. ඒ බව ඉහළ නිලධාරීන්ටද දැනුම් දුන්නේය. ඉහළ නිලධාරීන්ද ඒ ගැන සතුට පලකළේය. අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරුන්ගේ නම් සහ ලිපිනයන් තමාගේ කාර්යාලයට එවන ලෙසද උසස් නිලධාරියා කීවේය.

වැඩේ හෙළි වන්නේ එවිටය. ඒ අත්අඩංගුවටගත් තිදෙනොම දෙමළ ජාතිකයන්ය. ඒ තිදෙනාගේම පදිංචිය වූයේ එකම පැත්තකය. ඒ හොරණ පිහිටි වත්තකි. ඒ ගැන සැකසිතූ උසස් නිලධාරියා යම් සොයා බැලීමක් කිරීමේදී පෙනී යන්නේ හොරණ පැත්තේ වත්තක වෙනත් වරදක් සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙක් ගුරුවරුන් ලෙස ඉහළට පෙන්වීමට පොලීසිය කටයුතුකර ඇති බවය.

ඒ අනුව දැන් ඒ ගැන විමර්ශනයක්ද පැවැත්වෙන අතර හොරණ පොලිස් ස්ථානාධිපතිවරයාව මාරු කිරීමටද නිර්දේශ ඉදිරිපත් වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයේ සිනෙවැක් ලබාදුන් චීලි රාජ්‍ය තෙවන මාත්‍රාවට ඇස්ට්‍රාසෙනිකා දෙන්න යයි

Next Post

ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍ය ලේකම්වරයාගෙන්ම අණවුමක්… එන්නත් මිලියන 1.4ක් ඇණවුම් කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.