තම නෑනාගේ (සැමියාගේ සහෝදරියගේ) නිරුවත් ඡායාරූප සමාජ ජාල හරහා වෙනත් පුද්ගලයින්ට යෑවූ බව කියන කාන්තාවක් මහනුවර පරිගණක අපාරාධ කොට්ඨාසය මගින් ඊයේ (09) පස්වරුවේ මාතලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සහෝදරයාගේ බිරිඳ විසින් තම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් ප්‍රසිද්ධ කර තිබෙන බවට පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන සිදුකර අදාළ තිස් හතර හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව ඇගේ නෑනා සමඟ අමනාපයෙන් පසුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාව හා පැමිණිලිකාරිය යන දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







