බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැවත ගොඩ­නැ‍ඟීමේ දැවැන්ත කාර්ය­භා­රය දෙවුර දරා ගත් ජාති­යක් ලෙස 2026 නව වසරට පිය නගමු!… ජනපති…

by editor
ජනවාරි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

නව වස­රට (2026 ) අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශා­ල­තම ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය සහ රට නැවත ගොඩ­නැ‍ඟීමේ දැවැන්ත කාර්ය­භා­රය දෙවුර දරා ගත් ජාති­යක් ලෙස බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක  නව අවු­රුදු සුබ පැතුම් පණි­වි­ඩය නිකුත් කර­මින් සඳ­හන් කරයි.

එහි වැඩි­දු­ර­ටත් මෙසේද සඳ­හන් වේ.

අභි­යෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාතික අභි­ලාස මත පද­නම් වූ තිර­සර සංව­ර්ධ­නයේ අඩි­තා­ලම සකස් කළ වසර විය. 1977න් පසු වාර්තා වූ අඩුම අය-වැය හිඟය වාර්තා කිරීම, 2007 වස­රට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදා­යම වාර්තා කිරීම, ඉති­හා­සයේ ප්‍රථම වතා­වට ප්‍රාථ­මික ගිණුමේ අති­රි­ක්ත­යක් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අප­න­යන ආදා­යම ඩොලර් බිලි­යන 17ක් ඉක්ම­වීම, මෙරට ඉති­හා­සයේ රාජ්‍ය ආදා­යම් ඉලක්ක අබි­බවා ගිය එකම වසර බවට පත් කිරීම සහ මෑත ඉති­හා­සයේ සංචා­ර­ක­යින් වැඩිම ප්‍රමා­ණ­යක් මෙර­ටට පැමිණි වසර බවට පත්වීම ආදිය මෙසේ 2025 වසරේ ළඟා කර ගත් සුවි­ශේෂී ආර්ථික ජය­ග්‍ර­හණ වේ.

දූෂිත දේශ­පා­ලන ක්‍රමය වෙනු­වට, ලාංකීය පොදු මහජන­තා­වගේ දීර්ඝ­කා­ලීන අපේ­ක්ෂා­වක් වූ මහ­ජ­න­තා­වට අවං­කව සේවය කරන යහ­පත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් රට තුළ නිර්මා­ණය කිරීම මෙන්ම, අනා­ගත පර­පුර විෂ මත්ද්‍රව්‍ය උව­දු­රින් මුදා ගැනීමේ ‘රටම එකට’ ජාතික මෙහෙ­යුම වැනි වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මෙන් 2025 වසර මෙරට දේශ­පා­ලන සහ සමාජ පරි­ව­ර්ත­න­යක හැර­වුම් වස­රක් ලෙස සනි­ටු­හන් වනු ඇත.

මෙරට මෑත­කා­ලී­නව මුහුණ දුන් විශා­ල­තම ස්වාභා­වික ව්‍යස­න­යක අභි­යෝ­ග­යට ද අපි පසු­ගිය වසරේ දී එක්ව මුහුණ දුන්නෙමු. එහි දී අප ජන­තාව තුළ ඇති සහ­ක­ම්ප­නීය මනු­ෂ්‍ය­ත්වය කිසිදු ව්‍යස­න­ය­කට උදුරා ගත නොහැකි මහඟු ගුණාං­ග­යක් බව මනාව සනාථ කර­මින් රට පුරා ජන­තාව විප­තට පත් සිය සහෝ­දර ජන­තාව සමඟ අත්වැල් බැඳ­ගත්හ. මෙම අභි­යෝ­ග­යට මුහුණ දීමේ දී සහාය දුන් විදෙ­ස්ගත ශ්‍රී ලාංකි­ක­යන් සහ යළි නැඟී­සි­ටී­මට මිතු­රු­කමේ සවිය සැපයූ ලොව සියලු මිත්‍ර රාජ්‍ය වෙතද, ආපදා තත්ත්වය හමුවේ ස්වකීය දිවි නොතකා කට­යුතු කළ පොලී­සිය සහ ත්‍රිවිධ හමු­දාව මෙන්ම, මෙරට රාජ්‍ය නිල­ධාරි යන්ත්‍ර­ණය ද මෙහිලා කෘත­වේ­දීව සිහි­පත් කරමි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අප සැම එක්ව තව බොහෝ දුර යා යුතුව ඇත. ලෝක ඉති­හා­සයේ බිඳ­වැ­ටුණු සෑම රාජ්‍ය­යක්ම ගොඩ­නැ­ඟීමේ දී ප්‍රධා­න­තම පිටු­බ­ලය වූයේ එම ජන­තා­වගේ අභි­ලා­ෂය සහ ධෛර්යයයි. මගේ රටේ ආද­ර­ණීය පුර­වැ­සි­යන්ගේ නොසැ­ලෙන ධෛර්යයේ ශක්තිය හේතු­වෙන් අප සැම එක්ව පැවැ­ති­යා­ටත් වඩා යහ­පත් රටක් ගොඩ­නැ­ඟිය හැකි බව අපි ඒකා­න්ත­යෙන්ම විශ්වාස කර­න්නෙමු.

නව වස­රක උදාව අපට ගෙවී ගිය වසරේ අත්දැ­කීම් සමා­ලෝ­ච­න­යට අව­ස්ථාව සලසා දෙන අත­රම, නව වසර ගැන සුබ­වාදී ආක­ල්ප­ව­ලින් යුතුව යළි සැල­සුම් කර­න්නට අව­ස්ථා­වක් උදා කරයි. අප අබිමුව පව­තින අභි­යෝග නිවැ­ර­දිව අව­බෝධ කර ගනි­මින් රට යළි ගොඩ­නැ­ඟීමේ වැඩ­පි­ළි­වෙළ සමඟ නොසැ­ලෙන අදි­ට­නින් සහ විශ්වා­ස­යෙන් යුතුව සහෝ­ද­ර­ත්ව­යෙන් අත්වැල් බැඳ ගැනී­මට සියලු දෙනාට ආරා­ධනා කර­මින්, උදා වූ 2026 නව වසර සියලු යහ-පැතුම් ඉටු­වන ජය­ග්‍රාහී නව වස­රක් වේවා’යි ශුභා­ශිං­ස­නය කරමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයා විසින් “Rebuiding Sri Lanka ජනාධිති කාර්ය සාධක බලකාය” ස්ථාපිත කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි!

Next Post

නව වස­රේදී යළි ශක්ති­මත්ව නැ‍ඟීසි­ටීම සඳහා ජාති, ආගම් පක්ෂ භේද ඉවත ලා එක්වෙමු! – අස්ගිරි මහා නා හිමියෝ පවසති…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.