නැතැයි කියන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රභූන් වෙනුවෙන් පහළ වෙලා….

Vaccine

බරපතල අර්බුදයකට පත් වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට දැඩි අවදානම් සහිත රාජකාරියේ නියුතු සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල සේවක පිරිස් ලක්ෂ ගණනක් සිටිය දී එම එන්නතේ දෙවැනි මාත්‍රාව කාසල් කාන්තා රෝහලේ රහසිගත කුටියක ඉහළමපෙළේ ප්‍රභූ වරුන් පිරිසකට හා ඔවුන්ගේ ඥාතීන් කණ්ඩායමකට ලබා දුන් පුවතක් වාර්තා වේ.

මේ ප්‍රභූවරුන් අතර රජයේ ප්‍රබල ඇමතිවරුන් ද සිටි බව එම වාර්තා සනාථ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ආකාරයට කොළඹ නගරසභාව හරහා රහසිගතව සංවිධානය කරගත් ස්ථාන කීපයක විටින් විට ප්‍රභූ පිරිස් හා ඔවුන්ගේ ඥාතිවරුන්ට මෙම එන්නතේ දෙවන මාත්‍රාව මීට පෙර ලබා දී ඇති බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.


Exit mobile version