සුසන්ත අමරබන්දු –
අදට දින 28ක් තිස්සේ කල්මුණේ අශ්රොෆ් රෝහලේ ශීතකරණයක තැන්පත් කර ඇති කොවිඩ් ආසාදිතව මියගිය නැගෙනහිර පළමු කොවිඩ් රෝගියාගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු අධිකරණ නියෝගය පරිදි සිදු කිරීමට කටයුතු කරද්දී එය භූමිදාන කිරීමට අවසර ඉල්ලා රෝගියාගේ ඥාතීන් නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම නිසා අවසන් කටයුතු සිදු කිරීම ලබන 21 දා තෙක් කල් ගියේය.
පසුගිය 10 දා මිය ගිය මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ සිරුර පිලිබඳ අවසන් කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සමන්තුරේ පොලිසිය විසින් සමන්තුරේ අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් පසු සෞඛ්‍ය නිළධාරීන්ගේ උපදෙස් මත එය සිදු කරන ලෙස අධිකරණය නියෝග කළේය.
ඒ අනුව පසුගිය 5 දා එම දේහය පිලිබඳ අවසන් කටයුතු අම්පාර පොදු සුසාන භූමියේදී කොවිඩ් නිරෝධායන නීතිරීති වලට අනුව සිදු කිරීමට සෞඛ්‍ය අංශ හා පොලීසිය ඇතුළු නිලධාරීන් කටයුතු කළත් කල්මුණ අෂ්රොෆ් රෝහලේ බලධාරීන් එම අවස්ථාව මගහැර තිබිණි.
මේ අතර සිරුර ආදාහනය නොකරන ලෙස ඉල්ලා රෝගියාගේ ඥාතීහු කල්මුණ මහාධිකරණයට අභියාචනයක් ගොනු කළහ. අනතුරුම ඊයේ (06) එම අභියාචනය විභාගයට ගනිමින් නැවතත් එම මළ සිරුරේ අවසන් කටයුතු කිරීම පිළිබඳ විභාගයට ගැනීම ජනවාරි 21 දක්වා කල් දැම්මේය.
ලබන 21 වනවිට මෘතදේහය දින 49ක් ශීතකරණයේ තැන්පත් වී ඇත. මීට අමතරව පසුගිය 21 වැනිදා මිය ගිය කොවිඩ් රෝගියාගේ මල සිරුරත් තවම ඇත්තේ අශ්රෝෆ් රෝහලේ ශීතකරණයක් තුළය.
තවද කොවිඩ් ආසාදිතයකුව මියගිය බවට වෛද්‍යවරු සනාථ කිරීමෙන් පසු නැවතත් එම දේහය මරණ පරීක්ෂණවලට ලක් නොකිරීමට හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා 2020 .04 .01. දින නිකුත් කළ ලිඛිත නිර්දේශය නොසලකා හරිමින් මෙම දේහ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති බවත්, පසුගිය 10 වැනිදා මිය ගිය රෝගියාගේ මරණ පරීක්ෂණයේ දී මරණ පරීක්ෂකවරයා විසින් එම මළ සිරුර යළිත් පි.සි.ආර්ආර් පරීක්ෂණයට ලක්කරන ලෙස නියෝග කර ඇති බවත් වාර්තා වේ.