අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගෙනහිර පළමු කොවිඩ් මරණකරුගේ අවසන් කටයුතු තවත් දින 14ක් කල් යයි

සිරුර අෂ්රොෆ් රෝහලේ ශීතකරණයක දමා අදට දින 28යි...

by editor
ජනවාරි 7, 2021
in පුවත්
SENSITIVE MATERIAL. THIS IMAGE MAY OFFEND OR DISTURB    A worker of a funeral parlour, sanitises the dead body of an 83-years-old woman, who died of unknown reasons during the outbreak of the coronavirus disease (COVID-19), in Porto Alegre, Brazil, April 3, 2020. REUTERS/Diego Vara

Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

අදට දින 28ක් තිස්සේ කල්මුණේ අශ්රොෆ් රෝහලේ ශීතකරණයක තැන්පත් කර ඇති කොවිඩ් ආසාදිතව මියගිය නැගෙනහිර පළමු කොවිඩ් රෝගියාගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු අධිකරණ නියෝගය පරිදි සිදු කිරීමට කටයුතු කරද්දී එය  භූමිදාන කිරීමට අවසර ඉල්ලා  රෝගියාගේ ඥාතීන් නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම නිසා අවසන් කටයුතු  සිදු කිරීම ලබන 21 දා තෙක් කල් ගියේය.

පසුගිය 10 දා මිය ගිය මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ සිරුර පිලිබඳ අවසන් කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සමන්තුරේ පොලිසිය විසින් සමන්තුරේ අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් පසු  සෞඛ්‍ය නිළධාරීන්ගේ  උපදෙස් මත එය සිදු කරන ලෙස අධිකරණය නියෝග කළේය.

ඒ අනුව පසුගිය 5 දා එම දේහය පිලිබඳ අවසන් කටයුතු අම්පාර පොදු සුසාන භූමියේදී කොවිඩ් නිරෝධායන නීතිරීති වලට අනුව සිදු කිරීමට සෞඛ්‍ය අංශ හා පොලීසිය ඇතුළු නිලධාරීන් කටයුතු කළත් කල්මුණ අෂ්රොෆ් රෝහලේ බලධාරීන්   එම අවස්ථාව මගහැර තිබිණි.

මේ අතර සිරුර ආදාහනය නොකරන ලෙස ඉල්ලා රෝගියාගේ ඥාතීහු කල්මුණ මහාධිකරණයට අභියාචනයක් ගොනු කළහ. අනතුරුම ඊයේ (06) එම අභියාචනය විභාගයට ගනිමින් නැවතත් එම මළ සිරුරේ අවසන් කටයුතු කිරීම පිළිබඳ විභාගයට ගැනීම ජනවාරි 21 දක්වා කල් දැම්මේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලබන 21 වනවිට මෘතදේහය දින 49ක් ශීතකරණයේ තැන්පත් වී ඇත. මීට අමතරව පසුගිය 21 වැනිදා මිය ගිය කොවිඩ් රෝගියාගේ මල සිරුරත් තවම ඇත්තේ අශ්රෝෆ් රෝහලේ ශීතකරණයක් තුළය.

තවද කොවිඩ් ආසාදිතයකුව මියගිය බවට වෛද්‍යවරු සනාථ කිරීමෙන්  පසු නැවතත් එම දේහය මරණ පරීක්ෂණවලට ලක් නොකිරීමට හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා  2020 .04 .01. දින නිකුත් කළ ලිඛිත නිර්දේශය නොසලකා හරිමින් මෙම දේහ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති බවත්, පසුගිය  10 වැනිදා මිය ගිය රෝගියාගේ මරණ පරීක්ෂණයේ දී මරණ පරීක්ෂකවරයා විසින් එම මළ සිරුර යළිත්   පි.සි.ආර්ආර් පරීක්ෂණයට ලක්කරන  ලෙස නියෝග කර  ඇති බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විරෝධය නොතකා අමෙරිකානු නව ජනපති ලෙස ජෝ බයිඩන් තහවුරු කෙරේ

Next Post

අල්ලස් ගනිද්දී කොටු වූ නාගරික මන්ත්‍රීවරු දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.