නැගෙනහිර කොන්ගෝවේ ගංවතුරකින් 176ක් මිය යති

නැගෙනහිර කොංගෝවේ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

දකුණු කිවු පළාතේ ධාරානිපාත වර්ෂාවෙන් බ්‍රහස්පතින්දා ගංගාවක් පිටාර ගැලීම නිසා බුෂුෂු සහ නයමුකුබි ගම්මානවල ජීවිත හා දේපොළ හානි සිදු වූ බව පළාත් රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

දකුණු කිවු ආණ්ඩුකාරවරයා කියේ සිටියේ මරණ සංඛ්‍යාව 176 ක් වන අතර අනෙක් පුද්ගලයන් තවමත් අතුරුදහන් වී ඇති බවයි. ප්‍රාදේශීය සිවිල් සමාජ සාමාජිකයෙකු වන කසෝල් මාටින් පැවසුවේ මළ සිරුරු 227 ක් සොයාගෙන ඇති බවයි.

“මිනිස්සු එළිමහනේ නිදාගන්නවා බවත් පාසල් සහ රෝහල් ගසාගෙන ගොස් ඇති බවත් මාටින් පවසා සිටියේය.


සිකුරාදා කාලගුණය පහව ගොස් ඇති අතර, ඝන මඩ තට්ටුවලට යටින්නිවාස සහ රැලි සහිත යකඩ වහලවල් පෙනෙන අයුරු ඡායාරූපවලින් දැකගත හැකි විය.

දකුණු කිවු ප්‍රදේශයේ ගංවතුර සහ නායයෑම් සාමාන්‍ය සිදුවීමක් නොවේ.

2014 ඔක්තෝම්බර් මාසයේදී අධික වර්ෂාව හේතුවෙන් නිවාස 700කට වැඩි ප්‍රමාණයක් විනාශ විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, එම අවස්ථාවේ පුද්ගලයන් 130 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය මාසයේ, උතුරු කිවු පළාතේ නාය යාමකින් පසු අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගිය අතර කිහිප දෙනෙකු අතුරුදහන් විය.

Exit mobile version