බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාසා එකෙන් ඇවිත් ගන්නා බව කියන අකුණු සන්නායකවල ඇත්ත කතාව

by editor
අගෝස්තු 8, 2020
in පුවත්, විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

2018 වසරෙ දවසක පොලීසියෙන් අපිට ලිපියක් ලැබෙනවා ඕලන්ද යුගයට අයත් පැරණි අකුණු සන්නායකයක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහි කිසියම් ශක්තියක් ගබඩා වී ඇත්දැයි පරීක්ෂා කර දෙන ලෙසත්. අපේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත මමත් තව සගයෙකුත් එය පරීක්ෂා කරන්න එක්තරා පොලිස් ස්ථානයකට ගියා. අපි යනකොට මේ අකුණු සන්නායකය නඩු භාණ්ඩයක් විදියට උසාවියට ඉදිරිපත් කර තිබූ නිසා එය පරීක්ෂා කර බැලීමට තිබූ අවස්ථාව අහිමි උනා.

නමුත්, අපිට කළින් එහි පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ අකුණු සන්නායකය ඕලන්ද යුගයේ එකක් නොවෙන බවත් VOC ලාංඡනය සහිතව ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවටත් හඳුනාගෙන තිබුණා. මේ ඔය අකුණු සන්නායක කතාවෙ එක පරිච්ඡේදයක්.

භූගත තහඩුවේ රැස්වන ආරෝපණ

පැරණි අකුණු සන්නායක වල භූගත තහඩුවේ (earth plate) වසර ගණනක් අකුණු ගැසීමෙන් ආරෝපණ රැස් වන බවත්, මේ ආරෝපණ විශේෂ යන්ත්‍රයක් මගින් රැස් කරගෙන යන්න ඇමරිකාවෙ නාසා ආයතනයෙන් පිරිසක් පැමිණ ඇති බවත්, ඔය තහඩුව හාරන වැඩේ ප්ලාස්ටික් සවලකින් කළ යුතු බවත්, නැති නම් අර ශක්තිය නැති වී යන බවත් එක්තරා පිරිසක් ව්‍යාජ මතයක් අරගෙන ගියා. එහෙම ව්‍යාජ ඉල්ලුමක් හදලා සල්ලි තියෙන රට හාවො ටිකකට එයාලම මේවා විකුණපු එක තමයි උනේ. එයාලා තවම බලං ඉන්නවා ඇති නාසා එකෙන් එනකං.

සාමාන්‍ය අකුණු සන්නායකයක කිරුළ

ඔය ආරෝපණ ගැන කියන කතා සියල්ල පට්ටපල් බොරු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒත් සමාජයේ හැම ස්ථරයකම වගේ පිරිස් සහ ආයතන මේ ගැටයට අහු වෙලා විශාල ලෙස පාඩු ලැබූ බව අපි දන්නවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ බොරු කතාවෙ එක තැනක කියවුණු දෙයක් තමයි මේ අකුණු ආරෝපණ නිසා ඔය භූගත සන්නායකය විකිරණශීලී වෙන බව. මේ නිසා ඇතැම් කපටින් මේවා ගලවගෙන ගිහිල්ලා තිබුණේ  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙ නම පවා පාවිච්චි කරලා.

විකිරණශීලීතාවය

මේකත් එක්ක බැඳුනු තවත් කතන්දර කන්දක් තියෙනවා. කොහොමහරි මේ ලියන්නෙ ඔය ව්‍යාජ අකුණු සන්නායක කතාව ගැනම නෙමෙයි. අකුණු සන්නායක සහ බැඳුණු විකිරණශීලීතාවය සම්බන්ධයෙන් කිසියම් සත්‍යයක් තියෙනවා. හැබැයි මේ කතාවෙ වගේ අකුණු වැදීම නිසා වෙන දෙයක් නෙමෙයි. අකුණු මගින් කිසිවක් විකිරණශීලී කළ නොහැකියි.

සාමාන්‍යයෙන් අකුණු සන්නායකයකින් කරන්නෙ වායුගෝලයේ අකුණක් විදියට රැස් වෙන විද්‍යුත් ආරෝපණ ඉක්මනින් භූගත කිරීම හෝ උදාසීන කිරීම. ඒක නිසා දැන් භාවිතා වෙන බොහොමයක් අකුණු සන්නායකවල තියෙන්නෙ ගොඩනැගිල්ලක මුදුනෙ සවි කළ ලෝහ තුඩක සිට පොළව තෙක් විහිදුනු ලොකු තඹ පටියක්. තඹ හොඳ විදුලි සන්නායකයක් නිසා මේ වැඩේට සුදුසුයි. මේ වර්ගයේ අකුණු සන්නායක වලින් කෙරෙන්නෙ ඒ ගොඩනැගිල්ල ආශ්‍රිතව අහසේ රැස් වෙන ආරෝපණ භූගත කිරීම.

කොහොම නමුත්, අවුරුදු 50-60කට විතර කළින් තවත් තාක්ෂණික ක්‍ර‍මයක අකුණු සන්නායක වෙළඳපොළට ආවා. ඒ තමයි මේ භූගත සන්නායකයට අමතර ව අකුණු සන්නායකය මුදුනේ සවිකරලා තියෙන වලලු ආකාර කිරුළේ විකිරණශීලි ප්‍රභව සවිකළ අකුණු සන්නායක. මේ අකුණු සන්නායකවල රේඩියම්-226 (Ra-226) හෝ ඇමරිසියම්-241 (Am-241) වගේ මූලිකව ඇල්ෆා විකිරණ නිකුත් කරන, කුඩා විකිරණශීලී ප්‍රභව 4 සිට 9 දක්වා සංඛ්‍යාවක් අමුණලා තියෙනවා. මේ විකිරණශීලී ප්‍රභව යෙදීමේ අරමුණ උනේ ඒ විකිරණශීලී ප්‍රභව නිදහස් කරන විකිරණ නිසා අවට වායුගෝලය අයනීකරණය වීමෙන් අකුණු උදාසීන වීමේ කාර්‍යය වඩා කාර්‍යක්ෂම කිරීම.

විකිරණශීලි ප්‍රභව සහිත අකුණු සන්නායක කිරුළු (රවුම් කර දක්වා ඇත්තේ විකිරණශීලී ලෝහ පතුරු වේ.)

ප්‍රශ්නය තමයි, මේ අකුණු සන්නායක කිරුළ ඉතා ඉහළ විකිරණශීලීතාවයකින් යුතු වීම (අකුණු සන්නායකය භූගත වෙන තහඩුව හෝ කිරුළ සහ භූගත සන්නායකය යා කරන තඹ පටියේ කිසිම විකිරණශීලී ද්‍රව්‍යයයක් නෑ). කිසියම් හේතුවක් නිසා ගැලවීමෙන් පස්සෙ මේවා ගෙදරක මිනිස් වාසයට ආසන්නයෙන් තිබ්බොත් ඉතා ඉහළ අහිතකර විකිරණ නිරාවරණයකට නිවැසියන් ලක් වෙන්න පුළුවනි. මේ හේතුව නිසාම මේ වෙනකොට මේ වර්ගයේ අකුණු සන්නායක භාවිතයෙන් ඉවත් කරලයි තියෙන්නෙ.

නමුත්, ලංකාවෙ උනත් ඇතැම් පරණ ගොඩනැගිලිවල තවමත් මේ අකුණු සන්නායක තියෙනවා. ගොඩනැගිල්ලක මුදුනෙ තියෙන මේ වර්ගයේ අකුණු සන්නායකයකින් අර කළින් කිව්වා වගේ ඍජු අහිතකර බලපෑමක් වෙන්නෙ නෑ. ඒක නිසා ඒවා බලෙන් ගලවන්න අවශ්‍යයැයි කියන්නෙ නෑ අපි. හැබැයි, මේවායේ තියෙන අර කුඩා විකිරණශීලී පතුරු කාලයත් එක්ක දිරලා කැඩිලා වැටෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්.

විශේෂ වටිනාකමක් නෑ

මේ ගැන දැන සිටිය යුතු දේ තමයි මේ අකුණු සන්නායක වල තියෙන විකිරණශීලී ද්‍රව්‍යවලට විශේෂ වටිනාකමක් නැති බව.    ඒ වගේම ඒවා භාවිතයෙන් ඉවත් කෙරෙනවා නම් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වෙත බාර දිය යුතු බව මතක තියාගන්න. ඒවා මණ්ඩලයට විකුණන්න නම් උත්සාහ කරන්න එපා. මණ්ඩලය ඒවා මිලදී ගන්නෙ නෑ. . ඒවායෙන් ජනතාවට විය හැකි හානි සළකලා සුරක්ෂිතව ගබඩා කිරීම පමණයි මණ්ඩලයේ වගකීම වෙන්නෙ.

විකිරණශීලි ප්‍රභව සහිත අකුණු සන්නායක කිරුළු

අනිත් දේ තමයි විකිරණශීලී නිසා ආසාවට මේ පතුරු එකතු කරන අඥාන වැඩේ නම් කොහොමටවත් කරන්න එපා. නිසි ආරක්ෂිත ක්‍රම, මෙවලම් සහ දැනුම නැතුව ඒවා අතපත ගාන එකෙන් විය හැකි සෞඛ්‍යය හානි නැවත නිවැරදි කළ නොහැකියි.

ඒ වගේම නියාමන සභාවේ විශේෂිත අවසරයකින් තොරව මේ විදියෙ විකිරණශීලී ප්‍රභව ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සිහියේ තියාගන්න

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ රැල්ලේ නැටවුණ ක්‍රිකට් කෝලම

Next Post

9වන පාර්ලිමේන්තුවේ නව අගමැති ලෙස මහින්ද හෙට දිවුරුම් දෙයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.