දිනසේන රතුගමගේ –
ඉඩම් මැනීමක් නවතන ලෙස ඉල්ලා යාපනයේ මණ්ඩතීව් නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක නිරත දෙමළ දේශපාලනඥයින් හා තවත් දෙමළ වැසියන් පිරිසකට ඊයේ (12) නාවික හමුදා නිලධාරීන් විසින් බිස්කට් හා සිසිල් පැන් වලින් සංග්‍රහ කොට තිබේ.
ස්වල්ප වේලාවකින් පසුව එම විරෝධතාකරුවෝ එම ස්ථානයෙන් නැගිට ගොස් ඇති අතර විරෝධයට එක් වූ පිරිස අතර දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද දෙමළ ජාතික ජනතා පෙරමුණේ ( TNPF ) සෙල්වතුරෙයි ගජෙන්ද්‍රන් මන්ත්‍රීවරයාද උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී.කේ.සිවඥාණම් ද තවත් සංවිධාන කීපයක නියෝජිතයන්ද සිට තිබේ.
යාපනයේ වේලුසුමන නාවික හමුදා කඳවුර පුළුල් කිරීම සඳහා මහජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ලබා ගැනීමට යන බවටත් එම ඉඩම් මැනීම සඳහා මිනින්දෝරු නිලධාරීන් පැමිණෙන බවටත් තොරතුරු ලබීම නිසා මේ පිරිස ඊට එරෙහිවීම සඳහා මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
අධික හිරු රශ්මිය මැද මෙම විරෝධතාවය දියත් කොට තිබුණද මිනින්දෝරු නිලධාරීන් එහි නොපමිණීම නිසා විරෝධතාකරුවෝ දැඩි වෙහෙසට පත්ව සිටිහය.
මේ නිසා නාවික හමුදාවෙන් බිස්කට් හා සිසිල් පන් සංග්‍රහය ලැබී තිබේ. එම සංග්‍රහය භුක්ති විදීමෙන් පසුව විරෝධතාකරුවන් නාවික හමුදා භූමි ප්‍රදේශයෙන් නැගිට ඉතා සුහදශීලීව ආපසු ගොස් තිබේ.
weld one Navy … excellent way of situation handling