නාවික සෙබලුන් 500ක් පම්පමඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයට

දිනසේන රතුගමගේ –

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නාවික හමුදා භටයින් 500 කට වැඩි පිරිසක් නීරෝධායන කටයුතු සදහා 23 දා රාත්‍රී හතට පමණ බස් රථ දාහතකින් වවුනියාවේ පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

වැලිසර නාවික හමුදා කදවුරේ සිටින පිරිස අඩු කිරීමට ගෙන ඇති තීරණයක් මත මේ පිරිස  වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ නිරෝධායන කටයුතු සදහා රැගෙන විත් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිලධාරීන්ව පොලීසියේ හා නාවික හමුදාවේ දැඩි ආරක්ෂාව මැද වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි යුද හමුදාව විසින් පවත්වා ගෙන යන නීරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.


Exit mobile version