ලලිත් චාමින්ද
නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කිරීම සඳහා අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ක ස්වයංක්‍රිය වර්ෂාමාන 330ක් ස්ථාපිත කර තිබුණද ඉන් වර්ෂාමාන 72ක් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 15 දින වන විට අක්‍රියව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
සේවක හිඟය හා වෙනත් කරුණු හේතුවෙන් මෙකී වර්ෂාමනා පද්ධති නිසියාකාරව නඩත්තු කටයුතු සිදුකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම වර්ෂාමාන පද්ධති ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය මඟින් නඩත්තු කළ යුතු වන අතර මේ නිසා ස්වයංක්‍රිය වර්ෂාමාන පද්ධතිවල දත්ත සම්ප්‍රේෂණයට සිදුවන අවහිරතාවන්ද නිවැරදි පුර්ව නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කිරීම කෙරෙහි බලපැම් ඇති කරන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබඳ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ අවදානම් දිස්ත්‍රික්ක 14 පුරා ස්ථාපිත කොට ඇති වර්ෂාමානවලින් යම් සංඛ්‍යාවක් ක්‍රියා විරහිතව පවතින බවය. කෙසේවුවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරණු ලබන කාලගුණ පුරෝකථන, සහ ආසන්නයේ ස්ථාපනය කර ඇති වර්ෂාමාන භාවිතා කර විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව අනතුරු ඇගවීම් නිකුත් කිරිමට කටයුතු කරන බවය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.