දූෂණ විරෝධී ප්‍රතිපත්තිය මත පිහිටා හෙළිදරවු කිරීම් ගණනාවක් සිදුකළ හිටපු පොලිස් නිලධාරියෙක් වූ මාධ්‍යවේදී අජිත් ධර්මපාල ගේ සංස්කාරත්වයෙන් “ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානය ලෙස විකාශනය කෙරුණ IODPP Police යූ ටියුබ චැනලය, යූ ටියුබ පරිපාලනය මගින් අත්හිටුවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ශවය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම තහනම පනවන ලද බවට තමාට දැනුම් දුන් බව අජිත් ධර්මපාල පවසයි.
එහිදී අජිත් ධර්මපාල පවසන පරිදි ඔහුගේ යූ ටියුබ චැනලය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ දේශපාලනික ජීවිතයට හානිකර ආකාරයෙන් ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරන ලදැයි යූ ටියුබ පරිපාලනය ඔහු වෙත දන්වා එවා ඇතැයි ඔහු කියයි.
කෙසේ වෙතත් තම මාධ්‍යකරණය ලංකා දවස යූ ටියුුබ චැනලය ඔස්සේ පවත්වාගෙන යන බව පොලිස් IODP ග්‍රාහකයින්ට ඔහු විසින් දැනුම් දී සිටී. එම යූ ටියුබ් චැනලයට මෙම දිගුවෙන් පිවිසිය හැකිය. https://youtu.be/akA1TLDDMX0







