බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජවිපෙ නාගරික මන්ත්‍රී  චන්ද්‍රදාස නයිදුවාවඩු සජින් වාස්ගේ මැරයින් විසින් ඝාතනය කළ හැටි…

by editor
සැප්තැම්බර් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විශේෂ ලියුම්කරුවෙක් විසිනි –

  • තමන් වෙනුවෙන් දිවි දුන්නත් මාලිමා ආණ්ඩුවෙනුත් තවමත් සාධාරණය නොවුන සාහසික ඝාතකනයක සුල මුල….

දිනය 2018 අගෝස්තු 25 වනදාය. එදින පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  පාර්ලිමේන්තුවට මෙම ප්‍රශ්නය යොමු කළේය. ඔහු ප්‍රශ්නය යොමු කරමින් මෙසේ කීවේය.

“….චන්ද්‍රදාස නයිදුවාවඩු හා නන්දන බාලගේ යන ජවිපෙ ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීම සම්බන්ධව හා නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මතු වී ඇති හැම ගැටලුකාරී තත්ත්වය  මේ සභාවේ  අවධානයට යොමු කරනු කැමැත්තෙමි.”

“පසුගිය අඳුරු දශකය තුළ සිදුවූ දේශපාලන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ යටපත් වී තිබීම හා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම පොදු තත්ත්වයක් වී තිබුණා. එහෙත් වත්මන් පාලනය බලයට පත් වී වසර තුනක් ගත වී ඇතත් වසර දහයකට පෙර එම ඝාතන ද්විත්වය පිළිබඳව සාධාරණය ඉටු නොකිරීම කණගාටුවට කාරණයක්. 2010 ජනපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක ප්‍රචාරක කටයුතු වල නිරත වී සිටි ජවිපෙ අපේ පක්ෂයේ අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී නයිදුවාවඩු චන්ද්‍රදාස නයිදුවාවඩු  සහෝදරයා ජනවාරි 25 වන දින එවකට පැවැති ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ පහරදීමකින් තුවාල ලැබ රෝහල් ගතව සිටියදී 2010 පෙබරවාරි 02 වන දින මිය ගියා. මේ පහරදීම නිසා තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුණා. මේ පිරිසට දරුණු ලෙස පහර දී තිබුණා. අම්බලන්ගොඩ පොලීසිය  මැරයන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොතිබුණේ ඔවුන් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ ආධාරකරුවන් නිසයි.”

“එසේම නයිදුවාවඩු සහෝදරයාට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධව ඒ කියන්නෙ මේ ඝාතනයට පෙර ජනවාරි 14 වනදා EIB 52/37සටහන් කර තිබූ පැමිණිල්ල පිළිබඳව පොලීසිය පරීක්ෂණ කරල නැහැ. ඇසින් දුටු සාක්ෂි හා මේ ඝාතනයට අදාල බළපිටිය අධිකරණයේ නීතිමය කටයුතු හදිසියේ යටපත් වුනා. මේ අඳුරු දශකය තුළ සිඳුවූ ඝාතන අතර මේ ඝාතනයත් පවතිනවා. ආණ්ඩුව බලය යොදාගෙන  නීතිය අවභාවිතා කරමින් මේ ඝාතන යටපත් කර ඇති බව ඉතාම පැහැදිලියි. ඒ නිසා තමුන්‍නාන්සේලා ගේ ආණ්‍ඩුව පිහිටෙව්වෙ කුමක් වෙනුවෙන්ද?.. එක පැත්තකින් නීතියේ ආධිපත්‍යය හා විධානය පිහිටුවීම සඳහා… තමුන්නාන්සේලා ගේ පාලනය අවුරුදු තුනාමාරක් ගත වී තිබෙනවා. මීට පෙරත් පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නයිදුවාවඩු සහෝදරයා පිළිබඳ ෆයිල් එක එහෙම් පිටින් යටපත් කරලා  බහාල පැත්තකින් තබලා තියෙනවා. තමුන්නාන්‍සේලා මේ බලය ලබා ගත්තේ මේ ඝාතකයන්ට එරෙහිව ගොඩ නැඟුණ ජනමතය අස්සෙ. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ පුද්ගලික හපන්කම් මත ආණ්ඩුව හැදුනා නොවෙයි. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඝාතනයන්ට එරෙහිව ගොඩ නැගුන මහජන බලය තමයි තමුන්නාන්සේලා ඔය පුටුවල වාඩි කෙරෙව්වෙ. ඒ නිසා තමුන්නාන්සේලා ගේ වගකීම තමයි මේ ඝාතනයන්ට සාධාරණය ඉටු කිරීම. නමුත් අවුරුදු තුනාමාරක් ගෙවී ගොස් තිබෙනවා. පරීක්ෂණ කටයුතු පියවරක්වත් ඉදිරියට ගොස් නැහැ. එබැවින් මා මේ ප්‍රශ්ණ සභාගත කරනවා.”

1.මෙම ඝාතනයන් සම්බන්ධව නීතිමය කටයුතු අතරමග නතරවීමට හේතු කවරේද?

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

2.එම  ඝාතන සම්බන්ධව පරීක්ෂණ හා නීතිමය කටයුතු නැවත නිසි ලෙස ඇරඹිය නොහැකිද?

3.එම ඝාතනවලට සම්බන්ධ වැරදිකරුවන්ට නීතිය හමුවේ දඬුවම් පැමිණවීමට හා මෙම දේශපාලන ඝාතන වලට ලක්වූ පවුල් වලට වන්දි ගෙවීමට කටයුතු කරනවාද?

කතානායකතුමණි,මෙම දේශපාලන ඝාතන වලට වහාම සාධාරණය ඉටු විය යුතුයි.

(උපුටනය අවසන්)

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  එදින පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලද අම්බලන්ගොඩ නගර සභාවේ ජවිපෙ නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා ගේ මරණයට හේතු වූ පහරදීම සිදු කරන ලද්දේ එවකට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  සජින් වාස් ගුණවර්ධනගේ මැරයන් බව ඒ දිනෙවල අම්‍බලන්ගොඩ ප්‍රදේශවාසීන්ට රහසක් නොවීය. ඒ වන විට අම්බලන්ගොඩ පොලීසියේ  මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බූදාගොඩය.

චන්ද්‍රදාස නයිදුවාවඩුගේ ඝාතනය

සජින් වාස් ගුනවර්ධනගේ මැරයන්‍ගේ පහර දීමට ලක්වී මිය ගිය ජවිපෙ  නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු වෘත්තීයෙන් ගුරුවරයෙකි. චන්ද්‍රදාස නයිදුවාවඩුට සජින් වාස් ගුනවර්ධනගේ දේශපාලන බැලයෙක් වූ ඉඳුනිල් එදරිවික්‍රමසූරිය නැමැත්තා මරණ තර්ජනය කර තිබුණි. ඔහු ඒ තර්ජනය සම්බන්ධයෙන් EIB 106 /86 යටතේ අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් කරන ලදී.

චන්ද්‍රදාස නයිදුවාවඩු මිය යන විට අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යලයේ සේවය කෙරුවේය. 2010 වසරේ ජනවාරි මාසයේ 25 වනදා අළුයම 5.30 ට පමණ ඔහු අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටියේ තවත් ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු සමගය. එම පෝස්ටර් ජනපතිවරණය සඳහා තරග කළ මේජර් ජනරාල් සරත් ෆොන්සේකා ගේ මැතිවරණ ප්‍රචාරය සඳහා මුද්‍රිත පෝස්ටර් විය. ඒ අවස්ථාවේ එහි පැමිණි සජින් වාස් ගුනවර්ධනගේ මැරයන් චන්ද්‍රදාස නයිදුවාවඩු ඇතුළු ජවිපෙ සාමාජිකයන් දෙදෙනාට පහර දුන්නේ ඉතා මෙලේච්ඡ ආකාරයටය. චන්ද්‍රදාස නයිදුවාවඩු සතුව තිබූ පාප්ප වලින් ඔවුන් නැහැවීමට එම පිරිස කටයුතු කරන ලදී. මේ මැරයන් පිරිස අතර ප්‍රියන්ත(බැගී) හිරේවත්තේ කලු චානක, ගොඩහේනේ ඉවෝන් හා සජින් වාස් ගේ ආරක්ෂක අංශයට අනුයුක්ක දෙදෙනෙකු සිට ඇත.

ඉන් අනතුරුව එම මැරයන්ගේ දැනුම් දීම අනුව එම ස්ථානයට පැමිණියේ සජිිින් වාස් ගේ ඥාති සහෝදරයා වූ තාරක වාස් ගුනවර්ධන, ජනපති ආරක්ෂක අංශයයේ  පොලිස් කොස්තාපල් මාරසිංහ හා චීවරධාරියෙකි. එම ස්ථානයට ඒ අවස්ථාවේ පැමිණි වාහන වල අංක වූයේ 325/2625,  WP -LB 2418 WP – LB 8739 වේ. ඉන්පසු එහි පැමිණි කණ්ඩායමේ සිටි ජනපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් මාරසිංහ විසින් එම මැරයන් විසින් පහර  දී සිටි චන්ද්‍රදාස නයිදුවාවඩු ඇතුළු අනෙක් දෙදෙනා තමන් භාරයට ගෙන අම්බලන්ගොඩ පොලීසියට බාර දෙන ලද්දේ මැතිවරණ නීති කඩ කිරීමේ වරදටය.

ඝාතනය වසන් කිරීම

අම්බලන්ගොඩ පොලීසියට බාර දෙන ලද චන්ද්‍රදාස නයිදුවාවඩු මැරයන්ගේ පහරදීම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පෙලුන බැවින්  පොලීසිය ඔහු වහාම රෝහල් ගත කෙරිණි. එදින සිට බළපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ චන්ද්‍රදාස නයිදුවාවඩු ජනවාරි 29 වන දින රෝහළෙන් ඉවත් වූයේ ජීවිත ආරක්ෂාව පිළිබඳ පැවැති අනාරක්ෂිත බව නිසාය.

එහෙත් පොලීසිය ඔහුගේ කට උත්තරයක් EIB 106/86 යටතේ සටහන් කර ගන්නා ලදී. එහෙත් නිවසට ගිය ඔහු නැවත රෝගාතුර වීම නිසා ජනවාරි 31 වන දින රෝහල් ගත කිරීමෙන් පසුව ජනවාරි 31 වන දින රෝහලේදීම මිය ගියේය. එහිදී බලපිටිය රෝහලේ එවකට සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලවා එම මරණ පරීක්ෂණ වාර්තාව පවා වෙනස් කිරීමට සජින් වාස් ගුනවර්ධන මැදිහත් වූයේය.

ඒ කාල සීමාවේදී බළපිටිය රෝහලේ  සේවය කළ නාරි වේද විශේෂඥ වෛද්‍යවරිය සජින් වාස් ගේ නෑනා වූ බව පැවසේ. ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ සොහොයුරියයි. සජින් වාස් හා හර්ෂ ද සිල්වා දෙමස්සිනෝ වෙති. මියගිය චන්ද්‍රදාස නයිදුවාවඩු ගේ මරණ පරීක්ෂණ වාර්තාව වෙනස් කිරීමට සජින් වාස් ගේ නෑනා වූ විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධ යැයි තහවුරු කරන්නට අපට සාක්ෂි නැත. එහෙත් බළපිටිය රෝහළ සමග සජින් වාස් ගේ එම සමීප සම්බන්ධය පැවතුන බව නම් අපි දනිමු.

කෙසේ වෙතත් චන්ද්‍රදාස නයිදුවාවඩු ගේ ඝාතනයට පොලීසිය සැක පිට අත් අඩංගුවට ගන්නා ලද්දේ ඉඳුනිල් එදිරිවික්‍රමසූරිය නැමති අම්බලන්ගොඩ නගර සභාවේ මුරකරුවෙකි. ඔහු අදාල පහරදීමේ සිද්ධියවන විට ඒ අහල පහලකවත් සිටි අයෙකු නොවේ. එහෙත් මේ සිද්ධියට පෙර චන්ද්‍රදාස නයිදුවාවඩුහට මරණීය තර්ජනය කර තිබුණේ අම්බලන්ගොඩ නගර සභාවේ ඉඳුනිල් එදිරිවික්‍රමසූරිය නම් එම මුරකරුවාය.

ඔහු සජින් වාස් ගුනවර්ධන ගේ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි අයෙකි. චන්ද්‍රදාස නයිදුවාවඩු හට පහර දුන් මැරයන් ආරක්ෂා කර ගැනීම සඳහා සජින් වාස් හා අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වූ හේමාල් ප්‍රශාන්ත නීතියට වංගුවක් ගැසුවේ ඉඳුනිල් එදිරිවික්‍රමසූරිය සිද්ධියට සම්බන්ධ සැකකරු ලෙස නම් කරමිනි. ඒ තක්කඩිකමටය.

පරීක්ෂණ හරියට කළ HQI ට මාරුවක්

මෙම සිද්ධිය වූ අවස්ථාවේ අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වූයේ ප්‍රධාන  පොලිස් පරීක්ෂක  බූදාගොඩය. ඔහුට සජින් වාස් තර්ජනාත්මකව බලපෑම් කෙරුවේ එම සාහසික අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරුන පොලිස් පරීක්ෂණ අඩාල කිරීමටය. එහෙත් මූලස්ථාන පොලිස් පරීක්ෂක බූදාගොඩ සජින් වාස් ගේ නියෝග නොසලකා චන්ද්‍රදාස නයිදුවාවඩු ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කිරීමට මැදිහත් විය. මේ  නිසා අම්බලන්ගොඩ පොලීසියෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක බූදාගොඩ ස්ථාන මාරු කර යැවීමට සජින් වාස් මන්ත්‍රීවරයා කටයුතු කෙරුවේය.

පොලිස්‍පති වරයාගේ නියෝග මත ප්‍රධාන පොලිස් පරීක්ෂක බූදාගොඩ ඇල්පිටිය පොලිස් ස්ථානයට මාරු කර යැවිනි.

ඉන් අනතුරුව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රශාන්ත පත් කර ගත්තේය. හේමාල් ප්‍රශාන්ත මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරචිගේ ඥාති සහෝදරයෙකි. සැබවින්ම හේමාල් ප්‍රශාන්තට අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වීමට අවස්ථාව උදා වුයේ නෙවිල් වන්නිආරච්චි ගේ ඥාති සම්බන්ධතාවයි. හේමාල් ප්‍රශාන්ත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වීමෙන් පසු චන්ද්‍රදාස නයිදුවාවඩුගේ ඝාතනය පිළිබඳව වූ පරීක්ෂණ යටපත් කෙරුවේ ඒ වංගු ගැසීමෙනි.

ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු මේ දෙගොඩ හරි ජාමයේ අම්බලන්ගොඩ රාජකාරි කිරීම පවා යමෙකුට අප්‍රභංශ තොරතුරක් විය හැකිය. එහෙත් ඒ  වන විටත් ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිළධාරීන් රොත්තක් සජින් වාස් සමීපයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටියහ. එපමණක්ද  නොවේ. යුද හමුදා සෙබලුන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ  නිළධාරීන් ඇතුලුව හැට හැත්තෑවක පමණ පිරිසක් සජින් වාස් ගේ ආරක්ෂාවට යොදවා තිබූණි. මෙහිදී යුද හමුදා හා විශේෂ කාර්ය බලකා නිළධාරීන් ඔහුගේ ආරක්ෂාවට අනුයුක්‍ත කර ගැනීම නිත්‍යනුකූල විය හැකි නමුත් ජනපති ආරක්ෂක අංශයේ නිළධාරීන් සජින් වාස් ආරක්ෂාව සඳහා යොදවා ගැනීම බර පතල වරදක් ලෙස සැළකිය හැකිය.

මේ වන විට  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂවරයා මේ හේමාල් ප්‍රශාන්තය. පසුගියදා වලස්‍මුල්ල අධිකරණයට බාර වූ සම්පත් මනම්පේරි ප්‍රශ්න කිරීමට බාර දුන්නේත්  මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයටය. මිද්දෙනිය ප්‍රදේශයෙන් ලැබෙන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්‍ත හා සැකකාර සම්පත් මනම්‍පේරි අතර පෞද්ගලික සමීප සම්බන්ධතාවක් පවතී. එය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චි ගේ  දැන හැඳුනුම්කම් මත සිඳු වූවකි .කෙසේ වෙතත් එය එසේ තිබිය දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත සැකකාර සම්පත් මනම්පේරි ප්‍රශ්න කිරීමට බාර ගැනීම බරපතල වරදකි. එය 2023 අංක 09 දරණ දුෂණ වරෝධී පනතේ 107(1) වගන්තියෙන් කියවෙන පරිදි බැඳියාවන් පිළිබඳ ඝට්ටනයන් ප්‍රකාශ කිරීමට අසමත් වීමේ වරද වේ.

කෙසේ වෙතත් සම්පත් මනම්පේරි අධිකරණයට බාර වීම මග හැර සිට පසුව අභියාචනාධිකරණයෙන් සහනයන් ඉල්ලා අනතුරුව වලස්මුල්ල අධිකරණයට බාර වීම දක්වා වූ ජවනිකාව අධි තාත්වික රංඟනයක් බව පැහැදිලිය. සම්පත් මනම්‍පේරි වලස්මුල්ල අධිකරණයට බාර වීමත් සමඟම ප්‍රශ්න කිරීමට බාර දෙන්නේ ඔහු දන්නා හඳුනන හා පෞද්ගලික සමීපතාවක් ඇති පොලිස් නිළධාරියෙකුටය. මෙය යටි බිම් ගත කුමන්ත්‍රණයක් යැයි තතු දන්නන්ට  සැක  මතුවීම සාධාරණය.

හේමාල් ප්‍රශාන්ත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතන සිද්ධිය පවා වසන් කෙරුවේ නෙවිල් වන්නිආරච්චි සමග ඔහුගේ පැවැති සම්බන්ධතාව මත සජින් වාස් සමග බැඳුණ දේශපාලනික ගණුදෙනුව නිසා බව පැහැදිලිය. එසේම  අම්බලන්ගොඩ ජවිපෙ නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනයට මෙතෙක් සාධාරණය හා යුක්තිය ඉටු වී නැත.

2018 වසරේ අගෝස්තු 25 වනදා පැවැති  පාර්ලිමේන්තු සභා රැස්වීමේදී එවකට මන්ත්‍රීවරයකු වූ අනුර කුමාර දිසානායක   චන්ද්‍රදාස නයිදුවාවඩුගේ ඝාතනය සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගන්නා ලෙසද ඔහුගේ ඝාතනයෙන් අසරණ වූ පවුලේ අයට වන්දි  ගෙවන ලෙසටද  පැවැති රජයෙන් ඉල්ලා සිටියේය.

එතැන් සිට මේ වන විට අවුරුදු හතක් ගෙවී ඇතත් තවමත් චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනයට සාධාරණය හා යුක්තිය ඉටුවී නැත. එපමණක්ද නොවේ. මේ අපරාධය සිදුවී අවුරුදු 15 ක් ගෙවී ගොස් තිබේ. ජවිපෙ නාගරික මන්ත්‍රීවරවරයකු වූ චන්ද්‍රදාස නයිදුවාවඩු නයිදුවාඩු ඝාතනය කිරීම පිළිබඳව ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාද බොහෝ අවස්ථාවල මහජන හමුවීම්වලදී සිහිපත් කර තිබේ. චන්ද්‍රදාස නයිදුවාවඩුගේ අවමංඟල්‍ය උත්සවය පැවැති දින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්‍ඩලය 2010 පෙබරවාරි 03 වන දින ප්‍රකාශයට පත් කරන ලද ශෝක ප්‍රකාශයේ මෙසේ සඳහන්ව තිබේ.

“……චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයාගේ මරණය තවත් එක් මරණයක් නොවේ. ඔහුට සිය  ජීවිතය අහිමි වූයේ ආණ්ඩුවේ මතයට වෙනස් මතයක් දැරීමේ හේතුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි.වත්මන් ආණ්ඩුව විකල්ප මත දරන්නන් ඝාතනය කරන්නේ නම් එය පැසිස්ට් පන්නයේ පාලනයක් හැර අන් යමක් නොවේ. අද අපේ රටේ ඇත්තේ එබඳු වියරු වැටුන ඒකාධිපති පාලනයකි. අද රටට අවශ්‍ය ඇත්තේ වියරු වැටුන ඒකාධිපති පාලනයක් නොවේ. සාධාරණ යුක්ති ගරුක නීති ගරුක විනයක් ඇති පාලනයකි. චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයාට ජීවිතය අහිමි වූයේ එබඳු යහ පාලනයක් නැතිවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එබඳු පාලනයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීම හේතුවෙනි. වියරු පාලනයට තව තවත් ජීවිත බිලි දිිය යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්ව නැගී සිටින ලෙස අප මේ රටේ මුළු මහත් ජනතාවගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමේ අරගලයේදී දිවි පිදූ චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝ‍දරය ,ඔබට අපේ උත්තමාචාරය…”

ොචන්ද්‍රදාස නයිදුවාවඩු නයිදුුුවාවඩු සහෝදරයා සිය ජීවිතය පිදුවේ ප්‍රජාන්ත්‍රවාදය ගොඩ නැගීම වෙනුවෙනි. මේ වන විට මේ මහ පොළව මත ඔහු එදා දුටු හීනය පැල වී තිබේ. දැන් ආණ්ඩුව සතු වගකීම හා යුතුකම වන්නේ ඔහුට සාධාරණය හා යුක්තිය ඉටු කිරීමය. ඒ කාර්යය ප්‍රමාද වනවා යනු අපගේ අකෘතඥ බව තහවුරු කරන්‍නකි.

“….අද දවසේ දරුණුම ඛේදවාචකය වන්නේ නපුරු මිනිසුන්ගේ දුෂ්ඨ ක්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාව බව මතක තබා ගන්න යැයි මාටින්  ලූතර් කිං පවසා ඇත.” එය ලියා තැබුවේ  මේ ආණ්ඩුවේ ඇත්තනට අමතක වී ඇති යමක් මතක් කරන්නටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල් ගේ පැමිණිල්ලකින් අජිත් ධර්මපාලගේ IODPP Police යූ ටියුබ් චැනලය අත්හිටුවයි….

Next Post

වත්තල දී අත් අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින පුද්ගලයෙක් වෙඩි තැබීම් තුනකට සම්බන්ධ අපරාධකරුවෙක් බව හෙළි වෙයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.