නාඳුනන බව කියූ ජාවාරම්කාර පෙම්වතා එක්ක ජැකලින් ගත් තවත් ඡායාරූප එළියට

බොලිවුඩයේ සුපිරි තාරකාවක් මෙන්ම ලාංකිකයකු ද වන ජැකලින් ෆර්නැන්ඩස් නැවතත් සමාජ ජාලය කළඹමින් පුවත් අතරට පැමිණ තිබේ.

ඒ මේ දිනවල ඇයට ද චෝදනා එල්ල වී ඇති ඇයගේ පෙම්වතා වූ ජාවාරම්කාර සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ සිපගන්නා ඡායාරූපයක් පළවීමත් සමඟය.

සුකේෂ්ගෙන් කෝටි ගණනින් තෑගි ගත් ජැකලින් මුදල් විශුද්ධි චෝදනාවක් මත ඉන්දියාවේ මුල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අවස්ථා ගණනාවකදී ප්‍රශ්න කළත් ඇය මුලින් පවසා තිබුණේ ඇය සුකේෂ් නාඳුනන බවය.


කෙසේවෙතත් එම ප්‍රකාශයෙන් පසුව ඔවුන් දෙදෙනා එක්ව සිටින ඡායාරූප කිහිපයක් වරින් වර සමාජ ජාලයට මුදාහැර තිබුණි.

මේ සමගම ඇයට ඉන්දියාවෙන් පිටවීමට පවා නොහැකි වී ඇත්තේ විමර්ශන තවමත් සිදුවන බැවිනි.

සුකේෂ් මේ වනවිට සිරගතව සිටින අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ගැන මුලින් විමර්ශන නිලධාරීන්ට හෙළිකර තිබුණේ සුකේෂ් විසිනි.

ධනවතුන්, ප්‍රභූවරුන් පවා රවටා වංචනික ලෙස කෝටි ගණනින් මුදල් ගරන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධ රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවට අදාළව ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කරන ලදී.

සුකේෂ්ගේ කෝටි ගණන් තෑගිවලට අමතරව දැවැන්ත හොලිවුඩ් නිෂ්පාදනයක නිළි භූමිකාවක අවස්ථාවක් ලබාදීමට ද සුකේෂ් ජැකලින්ට පොරොන්දු වී ඇතැයි අනාවරණය වී ඇත.

සුකේෂ්ගේ සුපිරි තෑගි ලබමින් සබඳතා පවත්වා ඇති එකම නිළිය ජැකලින් නොවේ. තවත් නිළියක වන නෝරා ෆටේහිට ද සැප වාහන කෝටි ගණන් තෑගි ලැබීම හා සුකේෂ් සමඟ සබඳතා පැවැත්වීම නිසා මෙම විමර්ශනයට ඇය පසුපසද නිලධාරීන් හඹායමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෝරා ෆටේහි

Exit mobile version