කුඹල් පෙරහර ආරම්භක දිනයේ නාථ දේවාල භුමියේ නවතා තිබූ මෝටර් රථයකට විෂ ද්‍රාවණයක් එල්ල කල සිද්ධියේ පරීක්ෂණවල මේ වන විට තත්ත්වය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරිමට කටයුතු යොදා ඇති බව සිද්ධීයේ ප්‍රධාන පැමිණිලිකරු වන නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද ගේ පෞද්ගලික ලේකම් දීඝායු අබේනායක පැවසීය.
ලංකාවේ අංක දෙකේ අධිආරක්ෂිත කලාපය මෙය බැවින් මෙම සිද්ධිය කුමක්ද යන්න විමසා බැලිය යුතුම බව හෙතෙම කියා සිටියේය.
පොලිස් පරික්ෂණ ඉදිරියට සිදු නොවුනහොත් අධි ආරක්ෂිත කලාපයේ ආරක්ෂාව පිළිබදව තර්ජනයක් ඇති වන බවද මෙම විෂ ද්‍රාවණය ගෙන ආවේ කවරෙක්ද ? මෙලෙස සිදු වූයේ කෙසේද යන්න වහා සොයා බැලීම අතිශය වැදගත් බවද කියා සිටියේය.
වාහනයට විෂ රසායන ප්‍රහාරය එල්ල වුනු නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද ගේ පෞද්ගලික ලේකම් දීඝායු අබේනායක කීවේ තම වාහනයට ඇසිඩ් ඇසුවේ පත්තින දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර බවය.
මේ පිලිබඳව කළ විමසීමක දී අදාල පරික්ෂණ තවදුරටත් සිදුකෙරෙන බව මහනුවර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි චමල් රත්නායක ලංකසරට පැවසීය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිදු කොට ඇති පැමිණිල්ලට අදාලව , අධිකරණයට කරුණු ඉදිරිපත් කොට රස පරික්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල බවත් , ඊට අදාල පරික්ෂක තවදුරටත් සිදුවන බවත් පොලිස් ආරංචි කීවේය.