“නව සාමාන්‍ය තත්වය සඳහා මාර්ගෝපදේශය” සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියෙක් වෙනස් කරලා…

තරාතිරම නොබලා නඩු දානවා... රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි...

ශ්‍රියානි විජේසිංහ – 

ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කොට්ටේ නගර සභාව එක්ව සකස් කළ “නව සාමාන්‍ය තත්ත්වය සදහා වන මාර්ගෝපදේශය” සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක්  ඔහුගේ අභිමතය පරිදි වෙනස් කිරිමට කටයුතු කරන බව රජයේවෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග නැවත රට යථාතත්වයට පත් වෙමින් තිබෙන මොහොතක  ජනාධිපතිවරයාගේ අවසරය මත සකස් කළ මෙම මාර්ගෝපදේශය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම මාර්ගෝපදේශයන්ගේ යම් යම් කොටස් සෞඛ්‍ය අමාත්‍යංශයේ එක්තරා නිලධාරියෙකු විසින් ඉවත් කිරීමට උත්සහ කරන බවට සංගමයට තොරතුරු ලැබී ඇති බවත් සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා  සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මාර්ගෝපදේශයේ කොටස් වෙනස් කළ හැක්කේ එය නිර්මාණය කිරීමට එක් වූ පාර්ශ්ව හතරේම අනුමැතිය මත පමණක් බවත් යම් පුද්ගලයෙක්  තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කළහොත් ඔහුගේ තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසීය.


Exit mobile version