බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව යන්ත්‍ර 15ක් හඳුන්වා දී රටට සෙත සැදූ පොලිසියේ මහත්තයා!

by editor
සැප්තැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර  –

අපූරු සාජන්ට් මහත්තයෙක් සොයාගෙන ගියෙමු. පොලිසියේ රාජකාරිය කරන අතරතුරේ අපූරු නිර්මාණ කරමින් රටට සෙත හදන සාජන්ට් මහත්තයා දැකිය යුතුම මනුස්සයෙක් බව සිතුවෙමි. 

සාජන්ට් මහත්තයාගේ නම රෝහණ  උපුල් කුමාරය. 47වන වියේ පසුවන මේ ඉංජිනේරු සාජන්ට් මහතත්තයා දැනටතංගල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන්නේය. ලැබෙන හැම මොහොතක්ම තමන් විසින් නිර්මාණය කළ යන්ත්‍රයක් වැඩි දියුණු කිරීමට, නව විර්මාණයක් කිරීමට කැප වන ඔහු මේ වනවිට තමන්ගේම නව නිර්මාණ 15ක් රටට හඳුන්වා දී ඇත්තේය. 

මේ විශිෂ්ට නිර්මාණකරුවාගේ විශේෂත්වය ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ස්වයං රැකියාවේ අවශ්‍යතාවය අනුව තමන්ටම ගැලපෙන යන්ත්‍රයක් නිර්මාණය කරගත හැකි වීමය. මේ අපුරු නිර්මාණකරුවා  සොයාගෙන අපි     අපි දික්වැල්ල රදම්පළට ගියෙමු.

දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වුයේ රෝහණය.රෝහණගේ පියා දක්ෂ මෝටර් රථ කාර්මිකයෙකි. සාමාන්‍ය පවුලක දරුවකුව උපන් රෝහණ කුඩා කල පටන්ම පාසැල් ඇරී නිවසට ආ මොහොතේ සිටම වැඩි කාලයක් ගත කලේ සිය පියා සමග ගරාජයේය.  දිනපතා යකඩ කෑලි සමග ඔට්ටුවෙන රෝහණ කුඩා කල පටන්ම කාර්මික දැනුමින් පොහොසත් විය. කුඩා අවදියේ පටන්ම රෝහණ ගමේ විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන විදියට විවිධ වර්ගයේ කුඩා මැෂින් නිශ්පාදනය කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඒ අතරවාරෙ ඔහු පොලිසියට බැඳෙන්නේය. අද වන විට ඔහුගේ පොලිස් වෘත්තියටද වසර 27කි. රටේ නන්දෙස රාජකාරි සිදුකර ඇති රෝහණ කවදාවත් සිය නිර්මාණ කටයුතු සඳහා රැකියාව බාධාවක් කර නොගත්තේය. ඔහුට ලැබෙන සෑම විවේකී අවස්ථාවක්ම ඔහු සිය නිර්මාණ කටයුතු සදහා යොදා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහණ විසින් මේ වන විට නිශ්පාදනය කර ඇති විවිධ වර්ගයේ ස්වයං රැකියා මැෂින් ප්‍රමාණය අති විශාලය.

ඒ අතර කොප්පරා කැබලි කරන මැෂින් වර්ග 03ක්, කරුන්කා පුවක් සුද්ද කරන යන්ත්‍ර වර්ග 02ක්, කොසු ඉදල් හා කර්ටන් ලී සකස් කරන ස්වංක්‍රිය යන්ත්‍රයක්, ස්යංක්‍රියව ක්‍රියා කරන මැටි ගඩොල් කපන යන්ත්‍රයක්, රබර් සෙරෙප්පු නිශ්පාදනය කරන අර්ධ ස්වයංක්‍රිය යන්ත්‍රයක් , මැටි වලං, පහන් හා මල් පොච්චි නිශ්පාදනය කරන යන්ත්‍රයක්, මහා පරිමාණ හා සුළු පරිමාණ දොදොල් කර්මාන්ත කරුවන් සඳහා පොල් කිරි ඉතා පහසුවෙන් මිරිකාගත හැකි ස්වයංක්‍රිය මැෂිමක්, පොල්තෙල් හිදින අර්ධ ස්වංක්‍රිය හා ස්වයංක්‍රිය මැෂින් වර්ග දෙකක් ඇතුළු තවත් විවිධ වර්ගයේ නිශ්පාදන රැසක් රෝහණ විසින් මේ වන විට නිර්මාණය කර තිබේ.

පතපොත හා අන්තර්ජාලය පරිහරණය කරමින් මෙන්ම සිය පියාගෙන් ලද ගුරුහරුකම්වලින් රෝහණ අද වන විට සිය ජිවිතය ජයගෙන තිබේ.

01 – කොප්පරා හා පොල් විවිධ කැබලි වලට කපන යන්ත්_ර

රෝහණ පුෂ්පකුමාර සිය නිශ්පාදන පිළිබදව අපත් සමග මෙලෙස පැවසිය.

“මම පුංචි කාලේ ඉදන්ම කාර්මික කටයුතු වලට පුදුම තරම් ආසාවක් තිබුණා. මගේ තාත්තා මෝටර් රථ කාර්මිකයෙක්.    ඉතින් මමත් ස්කෝලෙ ඇරලා ආව ගමන් යන්නේ තාත්තගෙ ගරාජ් එකට. ඒ ගියාම තාත්තා මට පොඩි පොඩි වැඩි තනියම කරන්න පුරුදු කළා. ඒකත් එක්ක මම මගේ කාර්මික දැනුම දවසින් දවස වැඩි දියුනු කරගත්තා.”

“එහෙම ඉද්දි මට හිතුනා මොකක් හරි නිශ්පාදනයක් කරන්න ඕනේ කියලා. ඉතින් මන් මුලින්ම කලේ අපේ ගෙවල් ලග මාම කෙනෙක් හිටියා ඉදල් හදන .ඒ මාමා ඉදල් මිටි කැලෙන් කපාගෙන ඇවිත් අතින් පිහියකින් තමයි ඉදල් මිටි රවුම් කරලා හදන්නේ. මම ඒ මාමත් එක්ක කතා කරලා ඉදල් මිටි හදන්න පුළුවන් මැෂිමක් හැදුවා. ඇත්තටම ඒක හරිම ජනප්‍රිය වුණා. අර්ධ ස්වයංක්‍රිය එකක් තමයි මම හැදුවේ.”

“පසුව මා ඒ මැෂිමම ස්වයංක්‍රිය මැෂිමක් බවට වැඩිදියුණු කළා. ඒ අතරේ තමයි මට පොලිස් රැකියාවට යන්න ලැබුනේ. නමුත් මං රැකියාව මගේ වැඩ වලට බාධාවක් කරගත්තේ නෑ.” 

“අද වෙනකොට මම ප්‍රධාන වශයෙන්ම මැෂින් වර්ග 15ක් විතර නිශ්පාදනය කරනවා. ඊට අමතරව කවුරුහරි ඇවිත් කිව්වොත් මට මෙන්න මේ විදියේ නිශ්පාදනයක් කර ගන්න පුළුවන්, මෙන්න මේ වගේ මැෂිමක් හදලා දෙන්න කියලා   මට ඒක කරලා දෙන්නත් පුළුවන්.”

රෝහණ හා බිරිද දරුවා සමග

“අද වෙනකොට මේ මැෂින් සදහා මට පුදුම තරම් ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම මම මේ නිශ්පාදන සඳහා තමයි කාලය කැපකරන්නේ. මේ සදහා මගේ බිරිය හා දරුවාගෙන්   පුදුම විදියේ සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ වනවිට වෙළදපොලට පිටරටින් ගෙන්වන ඕනෑම මැෂිමක් ගුණාත්මක වටිනාකමනින් යුක්තව වගකිමක් සහිතව ඉතා අඩු මුදලකට මට නිශ්පාදනය කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා.”

“මේ වන විට වෙළදපොලේ රුපියල් 50,000ක් පමණ වන කොප්පරා කැබලි කරන මැෂිමත් මට රුපියල් 15000ක් තරම් අඩු මුදලකට නිශ්පාදනය කරලා දෙන්න පුළුවන්. අද වන විට පොල්තෙල් ව්‍යාපාරයේ යෙදී සිටින බොහෝ දෙනෙකු වෙනුවෙන් ඒ ඒ අයගේ අවශ්‍යතාවය මත විවිධ ප්‍රමාණයේ මැෂින් නිශ්පාදනය තමයි වැඩි පුරම කරන්නේ.” 

“මිට අමතරව රබර් සෙරප්පු නිශ්පාදන කරන අය වෙනුවෙන් මම නිශ්පාදනය කළ යන්ත්‍රය සදහාත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මම මේ සියළුම යන්ත්‍ර සූත්‍ර දරන්න පුළුවන් මුදලකට තමයි  නිශ්පාදනය කරලා දෙන්නේ”….   ඔහු පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට…

Next Post

යාපනයේ තරුණ පළතුරු වෙළෙන්දෙක් මහ දවල් පැහැරගෙන යයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.