බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය  මාරාන්තික නිව්මෝනියාවෙන්ම ඇරඹිය හැකියි…

තරුණයන්ටත් මාරාන්තිකවන නිවුමෝනියාවෙන්ම පටන් ගන්නා නව කොවිඩ් ප්‍රභේදය ගැන විශේෂඥවරු කියති.

by editor
අප්‍රේල් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය ආසාදනයවන පුද්ගලයින්ගේ පෙනහළුවලට වැඩි බලපෑමක් සිදු කරන බවත්, සමාන්‍යයෙන් සුලබ කොරෝනා  රෝග ලක්ෂණ මතු නොවී කෙලින්ම නිවුමෝනියා තත්වය ඇතවන අවස්ථා වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍යවරු පවසති.

රෝග ලක්ෂණ මතුවීමටත් පෙර පෙනහළුවලට බලපෑම් වූ  කොවිඩ් ආසාදිතයන්  ඉකුත් දින කිහිපයේ වාර්තා වූ බවත් ඔවුහු පවසති. මේ  ප්‍රභේදය තරුණ ප්‍රජාව අතර වැඩිපුර ව්‍යාප්තවන බවත්, ඔවුන්ට ආසාදනය වීමේ වැඩිපුර ප්‍රවණතාවයක් පවතින බවත් නිවුමෝනියා තත්වය ඇතිවූ මෙම   ආසාදිතයෙක් රෝහල්ගත කිරීමේ ප්‍රමාදය ඔහුගේ ජීවිතය අනතුරක දැමීමක් බව මෙම විශේෂඥවරු පෙන්වා දෙති.

එබැවින් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනයවන පුද්ගලයන්ට ඔක්සිජන් සැපයීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස් ගුණරත්න මාධ්‍යයට පැහැදිලි කිරීමක් කරමින් සාමාන්‍යයෙන් කොවිඩ් ආසාදිතයෙකුගේ මූලික රෝග ලක්ෂණයවන උණ සහ උගුරේ වේදනාව සමග වෙනත් වෛරස් ආසාදනයන්  සේම පේෂි වේදනාව, හිසරදය, ඇස් රතු වීම, බඩ රිදීම, පාචනය, හමේ කුෂ්ඨ ඇති වීම  සිදුවන නමුත් සමහර අවස්ථාවල මෙම කිසිම රෝග ලක්ෂණයක් ප්‍රකට නොකර නිවුමෝනියා තත්වය සමග පැමිණි රෝගීන් හමුවූ බව කීවාය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඕනෑම වෛරසයක්   පෙනහල්ල ආසාදනය කරන්නේ නම් එය  නිවුමෝනියාවක් බව පවසන ඇය   පෙනහල්ලෙන් රුධිරයට ඔක්සිජන් උරාගන්නා සියුම් පටකවලට හානි වීමෙන් ඔක්සිජන් උරාගත නොහැකිව බිහිසුණු සංකූලතා ඇතිවන බවත්, හුස්ම ගන්නට නොහැකි වීම, පපුව තද කිරීම ලෙස මූලිකව එම තත්ව ප්‍රකට කරන බවත් කියන්නීය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ අවාසනාවට විකෘති ප්‍රභේදයක් රට තුළ පවතින බැවින් ඊට අවබෝධයෙන් මුහුණ දිය යුතු බවය.

“ මීට පෙර පැවැති වෛරස් ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් සම්ප්‍රේෂණය වීම සිදුවුණා. එහෙත්, මේවනවිට ව්‍යාප්ත වන ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකුට පමණ සම්ප්‍රේෂණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. එය අවම තත්ත්වය වන අතර ඊට වඩා වැඩි පිරිසකට වුවද, වෛරසය සම්ප්‍රේෂණය වීමට හැකියි.  මේවනවිට ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය වාතය තුළ පැය එකහමාරක් වැනි කාලයක් පැවැතිය හැකියි.“

“මේ නිසා නිවැරදි ලෙස මුහුණු ආවරණයක් දැමීම වැදගත්.   ගොඩක් දෙනෙක්  එළියෙදි මාස්ක් එක දාගෙන ඉඳලා ඇතුලට ආපු ගමන් ඒක නවත්වනවා. මාස්ක් එකක් දාගෙන කතා කරන්න හරිම අමාරුයි.  හැඟීම් පේන්නෙ නෑ. ඒත් ඇතුළෙ දි තමයි මුව ආවරණය දැමීම වැඩිපුරම වැදගත්.   ඉන්  හිතමිතුරන්  වගේම තමනුත් ආරක්ෂා වෙනවා. “

ඇය කීවාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දින කොවිඩ් ආසාදිතයන් 880ක්…

Next Post

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන බරපතල කොවිඩ් අවදානමක… PHI සංගමය කියයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.