2014 වර්ෂයේදී මූලික සැලසුම් හැදූ නව කැලණි පාලමේ ඉදිකිරීම් ප්‍රගතිය 98.5% යි

සැප්තැම්බර් මස අවසානයේ දී ජනතා අයිතියට ඇමති ජොන්ස්ටන්

2014 වර්ෂයේදි මූලික සැලසුම් සකස්කල ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මතින් ඉදිවන නව කැලණි පාලමේ ඉදිකිරීම් වල ප්‍රගතිය 98.5% ක් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කලේ 2021.08.19 එනම් අද දින අමාත්‍යාංශයේ පැවති නව කැළණි පාලමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.මෙම රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණි.

නව කැලණි පාලමේ තව සිදු කිරීමට ඇත්තේ ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීම,වානේ පාලම් කොටස පින්තාරු කිරීම,නව කැළණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කානු පද්ධතිය නිම කිරීම,පාලම ආලෝකකරණය,ආරක්ෂාව සදහා වන යකඩ වැට ඉදි කිරීම සහ භූමි අලංකරණය සිදු කිරීම වන අතර ඒවාද නියමිත ප්‍රමිතියෙන් හා කඩිනමින් ඉදි කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතාට උපදෙස් ලබාදෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ මාර්ගයේ දෙපස පැල සිටුවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම පැල සදහා ජලය සැපයීමට භූගත ජල නල පද්ධතියක් ඉදිකරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.


Exit mobile version