සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව සියලු දෙනාගේ පිළි ගැනීම නම් දෙපිලකට බෙදී තවදුරටත් වාද කරන්න එපා…  මල්වතු මහා නා හිමියෝ රටට කියති!

by editor
ජනවාරි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යය බව සියලු දෙනා පිළිගෙන තිබියදී ඒ සම්බන්ධයෙන් පිල් බෙදී තව දුරටත් වාද කරමින් නොසිට නව ප්‍රතිසංස්කරණ ගැටලුවක් ඇති නොවන පරිදි විධිමත් ආකාරයනේ ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතු බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යම් යම් වැරදි හා අඩුපාඩු තිබෙන බව රජය පිළිගෙන එය ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දමා තිබෙන්නේ යැයිද උන්වහන්සේ කීහ.

හය වසර අධ්‍යාපන ලබන දරුවන්ගේ  දෙමව්පිය සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (20) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින්  සංදේශයක් පිළිගැන්වූ අවස්ථාවේ මහනාමියෝ මේ බව ප්‍රකාශ කළහ.

එහිදී මල්වතු මහනාමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යම් වැරදි සිදුව තිබෙන බව අග්‍රාමාත්‍යතුමියද පිළිගෙන හය ශ්‍රේණිය සඳහා වන නව ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබෙන බවත් එසේ තිබියදී මේ වසරේදීම එය ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලීම ප්‍රශ්නයක් බවත් කීහ.

මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය පවා අත්හිටුවා තිබියදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න එපා කියමින් පිරිසක් උද්ඝෝෂණ කරන බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

RelatedPosts

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

එක් කොටසක් නව ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කරත්දී  තවත් කොටසක් එසේ නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරන බවත්  මේ රටේ ප්‍රවීණ ආචාර්ය මහාචාර්වරුන්ගේ ද සහය ලබා ගනිමින් නව ප්‍රතිසංස්කරණ විධිමත් ආකාරයෙන් ගැටලුවක් නොවන ලෙස සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

මෙහිදී එම දෙමාපිය සංසදයේ නියෝජිතයින්  මහා නාහිමි හමුවේ පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ  නව මංමාවත් විවර කරමින් තාක්ෂණය හා එක්ව අනාගතයට උචිත දරුවන් බිහි කරන වැඩපිළිවෙළක් ලෝකයේ ක්‍රියාත්මක වන බවත් අපේ  දරුවන්ටද  සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන්  බැහැරව අනාගත ලෝකයට මුහුණ දිය හැකි නව අධ්‍යාපන වැඩපිළිවෙළක් හඳුන්වාදිය යුතුව තිබෙන බවත් ය.

ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්ය බවත් සුළු වැරදි කිහිපයක්  ඉදිරිපත් කරමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කිරීම සාධාරණ නොමැති බවත් ඔවුහූ පැවසූහ.

මෙම පිරිස අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන්ද බැහැ දැක සංදේශය බාරදුන් අතර උන්වහන්සේ පවසා සිටියේ මෙයට සම්බන්ධ සියලු දෙනා එක්ව සාකච්ඡා කොට දරුවන්ට උචිත නිවැරදි තීරණයකට පැමිණීම වඩා යෝග්‍යය බවයි.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ  මෙම සංගමයේ සාමාජික ජනනි තෙල්ලමුරේ  පැවසුවේ  තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සඳහා සහාය නොදෙන ලෙස සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් හා  සමාජ මාධ්‍යයෙන්  ඉල්ලීමක් කරන බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජගිරියට  නව  නිවාස ඒකක 300 ක්…  

Next Post

උතුරේ ජල ප්‍රශ්නයට විසඳුම් ගෙනෙන කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යලි අරඹයි!

Related Posts

පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.