නවසීලන්තයේදි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමේදී ඊයේ මියගිය ශ්‍රී ලාංකික අන්තවාදී අනුගාමික තරුණයා රැඩිකලීකරණයට ලක්ව ඇත්තේ 2016 දී පමණ ඔහු එරට ඉගෙනගත් සරසවියේ ඇද වැටීමකින් සිදු වූ අනතුරකින් පසුව බව ඔහුගේ මව පවසයි.
මෙරට කාත්තන්කුඩි ප්‍ර්‍රදේශයේ වෙසෙන මව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම අනතුරෙන් බේරාගත් මිතුරන් පිරිස සිරියාවේ ඉරාකයේ ආදී රටවල අන්තවාදී අදහස් ඇති පුද්ගලයන් පිරිසක් බවයි.
ඔවුන් මෙම තරුණයා ගේ මොළ ශෝධනයට ලක් කළ බවත් ඉන් පසුව ආදිල් සම්සුදීන් නැමැති තම පුත්‍රයා බෙහෙවින් වෙනස් වූ බවත් මව පවසා තිබේ.
බම්බලපිටියේ ප්‍රසිද්ධ පාසලක මෙරට දී දී ඉගෙනුම ලැබූ ඔහු 2011 වසරේ දී නවසීලන්තයේ සරසවියට ඇතුළත් වී තිබේ .
සම්සුදීන් ගේ වෙනස් වීමෙන් පසුව ඔහුගේ වැඩිමහල් සොයුරන් සමඟ අන්තවාදී අදහස් ඒ තුළ නිරන්තරයෙන් කලහ ඇතිකරගෙන අමනාපයෙන් සිටි බවද බව ද මව පවසා තිබේ.
සම්සුදීන් ගේ සොයුරු සොයුරියන් ඔහුගේ මතවාදයට එරෙහිව සිටින බව ඇය පවසයි.
එම අනතුරට පෙර කිසිදු දිනයක ඔහුට අන්තවාදී අදහස් නො තිබූ නොතිබූ බවද බව අවධාරණය කර සිටී.
සම්සුදීන් කොළොන්ලොන්නාවේ සහ මොරටුවේ ද පදිංචිව සිට ඇත.
ඔහු තම නිවැසියන් අමතා ඇත්තේ මාස තුනකට වරක් බවද මම පවසා තිබේ .
සම්සුදීන් ගේ මෙරට හිතවතුන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.