සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නලින්ද ඇමති සහෝදරයා… අවුල ඔයාගෙ ද… නිලධාරීන්ගේ ද?… විනය පරීක්ෂණත් ඉවර නැති දූෂිත නිලධාරිනියක් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට උසස් කරලා…

by editor
ඔක්තෝබර් 31, 2025
in පුවත්
ministry-of-health
Share on FacebookShare on Twitter
  • සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැරදි තොරතුරු රාජ්‍ය සේවා කොමිසමට  ලබා දීලා… තවමත් සිදුකළ වංචාවල විනය පරීක්ෂණවත් ඉවර නෑ…

  • විදේශ අධ්‍යනය පුහුණුවකට විදෙස් ගතවන බව පවසා ඇතත් එසේ විදේශ ගත නොවී මෙරට මාස 6ට වැඩි කාලයක්  රැදී සිටිිමින් වැටුප් හා දීමනා  අරන්..

  • විදේශ විනිමය වංචාවක් ගැන කෙරෙන විමර්ශනයත් තවම ඉවර නෑ… මේ තැනැත්තිය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හොඳටම දන්න බව සෞඛ්‍ය ආරංචි මාර්ග කියයි….

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අසත්‍ය තොරතුරු රාජ්‍ය සේවා කොමිසමට ලබා දීම හේතුවෙන් දූෂිත නිලධාරිණියක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ධූරයට උසස් කරන ලෙස රාජ්‍ය සේවා කොමිසම  සෞඛ්‍ය ලේකම්වරයා වෙත දන්වා එවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සම්මුඛ පරික්ෂණයට ඇය පෙනී සිටි කාලයේදී  ඇය විනය විරෝධී  කටයුතු ගණනාවක්ම සිදුක කර ඇති බව වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා පවා හොඳින්ම දන්නා කරුණක් වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටියි.

 මෙම නිලධාරිනිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක DIS/066/2021 දරන 2022.02.22 චෝදනා පත්‍රයේ ප්‍රකාරව විදේශ අධ්‍යනය පුහුණුවකට විදෙස් ගතවන බව පවසා ඇතත් එසේ විදේශ ගත නොවී මෙරට මාස 6ට වැඩි කාලයක්  රැදී සිටිිමින් වැටුප් හා දීමනා  ලබා ගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

ඊට අමතරව විදෙස්  මුදල් ලෙස සිංගප්පුරු ඩොලර් 2,198 ක මුදලක් ලබාගෙන තිබීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විනය පරීක්ෂණය මෙතෙක් අවසන් කර නොමැති බව වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන අංශය පවා මෙයට සාක්ෂි දරණ බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මෙවැනි චෝදනාවක් එල්ල වී ඇති නිලධාරිනියක් සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් සිදුකරනවා වෙනුවට එවකට සිටි සෞඛ්‍ය ලේකම්වරයා සියලුම චෝදනාවන්ගෙන් ඇය ලිඛිතවම නිදහස් කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම කුඨ ලේඛණ සහ දුෂිත හොර මගඩිය පිළීබදව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ද ප්‍රශ්න  කර ඇතැයි වාර්තාවේ.

පසුගිය ජුලි මාසයේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 9 ක් පිරවීමට සහ අතිරේක ලේකම් තතුරක් පිරවීමට අයදුම්පත් කැඳවා තිබියදී ඒවා අහෝසි කිරීමට රාජ්‍ය සේවා කොමිසම පසුගිය සදුදා හදිසියේම තීරණය කර තිබෙන බවද වාර්තාවේ.

එම තනතුරු පිරවීම  අහෝසි කළද  මෙම දුෂිත නිලධාරිනිය 2021 වසරේ සිට  උසස් කර අතිරේක  ලේකම් තනතුරට පත්කිරීමට රාජ්‍ය සේවා කොමිසම  කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

ඇයට එරෙහිව පවතින විනය ක්‍රියා මාර්ග ගැන නැවත සොයාබලන ලෙසත්, එතෙක් මෙම පත්කිරීම සිදු නොකරන ලෙසත් සෞඛ්‍ය ලේකම් වෙත සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් දැනුම් දී ඇති අතර මේ බව   ජනාධිපතිවරයාට,  අගමැතිවරයාට , සහ කථානායකවරයාට ද  දන්වා යවා ඇතිබව වාර්තාවේ.

මීට අමතරව මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පිරිසක් අල්ලස් හා දුෂණ විරෝධී කොමිසන් සභාවටද පැමිණිලි කර ඇතැයි අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට වෙනසක් අවශ්‍ය වුනා වගේම දියවඩන නිලමේ ධූරයටත් දැන් වෙනසක් අවශ්‍යයයි… එකම පුද්ගලයෙකුට අවුරුදු 30ක් එකම තනතුරක් ලබා දීම සුදුසු නෑ… දමින්ද බණ්ඩාර උඩුරාවන නිලමේ පවසයි…

Next Post

යාපනය විශ්වවිද්‍යාලයෙන් ටී 56 ගිනි අවියක්, අලුත්ම උණ්ඩ තොගයක් ඇතුළු යුද උපකරණ  හමුවෙයි… යුද උපකරණ මෑතකදී සඟවා ඇති බවට සැකයක්…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.