නල්ලූර් කෝවිලේ වසර 57ක් ප්‍රධාන භාරකරත්වය ඉසිලූ කුරුක්කල්වරයා මිය යය

දිනසේන රතුගමගේ –

යාපනය නල්ලූර් කෝවිලේ ප්‍රධාන බාරකරු වශයෙන් වසර 57 ක් සේවය කළ  කුමාරදාස මප්පාන මුදලියාර්  කුරුක්කල්වරයා ඊයේ (9)  අභාවප්‍රාප්ත වී තිබේ.    ඔහුගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද ශෝක පණිවුඩයක් නිකුත් කොට තිබේ.

මියයන විට 92 වෙනි වියේ පසු වුණු කුරුක්කල්වරයා  1929 ජනවාරි 15 ​​වන දින ඉපදී තිබේ.

නල්ලූර් කෝවිලේ දසවන ප්‍රධාන කුරුක්කල් ධූරයට 1964 දෙසැම්බර් 15 දා  පත් වූ මොහු ඉතා දීර්ග කාලයක් එම තනතුරේ සේවය කළ එකම කුරුක්කල්වරයා ද වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආදාහන කටයුතු 11 දා යාපනයේදී සිදු කිරීමට නියමිතය.

Exit mobile version