දිනසේන රතුගමගේ –
2026 විස්සයි විස්ස ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා කුසලානය රැගෙන ගිය සංවිධායකයින් අතර 1 දා දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.
දකුණේ සිට නල්ලූර් කෝවිලට ගිය පිරිස කිසිදු විනීතභාවයකින් තොරව කෝවිල් භූමිය තුළ පාවහන් පැලඳගෙන එහා මෙහා යාම නිසා මුලින්ම ඒ පිලිබඳව කෝවිලේ භාරකරුවන් විරෝධය එල්ල කොට තිබේ.
පසුව එම පිරිස කෝවිල පුරා ඡායාරූප ගනිමින් අවිනීතව හැසිරීම නිසා එක් පූජකවරයෙකු සංවිධායකවරුන් අතර සිටි දෙමළ ජාතිකයෙකුට පවසා ඇත්තේ ” අපිට ඔය කුසලානයට වඩා දෙවියන් වටිනා නිසා ඔබලාට වටිනා කුසලානයත් රැගෙන මේ ස්ථානයෙන් පිටව යන ලෙසයි.”
පසුව දකුණේ සිට ගිය පිරිස ඉතා විනීතව හැසිරෙමින් නල්ලූර් කෝවිල තුළ කුසලානය තබා නියමිත කලාය අවසන් වීමෙන් පසුව එය ආපසු රැගෙන ගොස් තිබේ.
නල්ලූර් කෝවිල තුළට ඇතුලුවන ඕනෑම පිරිමි බැතිමතෙකු උඩුකය නිරාවරණය වන ලෙස කමිසය ගලවා කෝවිලට ඇතුලු විය යුතු අතර එය ප්‍රතික්ෂේප කළ පිරිසක් කෝවිලේ භාරකරුවන් සමග බහින් බස් වීම නිසා එම ස්ථානයේ යළි ඉතා උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත
පසුව කෝවිලේ බාරකාර මණ්ඩලය ප්‍රකාශ කොට ඇත්තේ කෝවිල තුළ සභ්‍යත්වයෙන් යුතුව හැසිරීමට අකැමැති පිරිස්වලට හා කණ්ඩායම්අවලට මින් ඉදිරියට කෝවිල තුළ කිසිදු කටයුත්තකට අවසර ලබා නොදීමට තීරණය කරණ බවයි.







