බණ්ඩාරවෙල ප්රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහරකට සහභාගී වී පැමිණෙමින් සිටි නැටුම් කණ්ඩායමක් ගමන් ගත් වෑන් රථයක් අනතුරට ලක් වී රියදුරු ඇතුළු ශිල්පීන් 11 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
අද අලුයම 4ට පමණ බදුල්ල හාලිඇල ප්රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18 -20 අතර පසුවන තරුණ දරුවන් පිරිසකි.
තුවාල ලැබූ අය අතර ගැහැණු ළමුන් 08ක්, පිරිමි ළමුන් 02ක් සහ රියදුරු ද සිටින බව වාර්තා වේ.
රියදුරට නින්ද යෑම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක වැදීම හේතුවෙන් මෙම අනතුර සිද්ධ වී ඇත.
තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය කියයි.