ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුන බවට නන්දන ගුණතිලක විසින් සිදුකරන ප්‍රකාශය මුලුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශ සපුරා ප්‍රතික්‍ෂේප කරන බවත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අද (02) රටට පැවසුවේය.
ඔහු ප්‍රකාශ කළේ මේ පෙනෙමින් ඇත්තේ තමන් සහ අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා දියත් වී ඇති සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවය. මෙම වැඩ පිළිවෙළේ පළමු අවස්ථාව තම දරුවා කොළඹ උසස් විද්‍යාලයකට ඇතුළත් කිරීම සඳහා තමන් නීති විරෝධීව කටයුතු කළ බවට සිදුකළ චෝදනාව බව කී අධ්‍යක්ෂ ජනාරාල්වරයා ඒ සම්බන්ධව තමන්ගෙන් තොරව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එල්ල කර ඇත්තේ වැරදි චෝදානවක් බව තහවුරු වූ බව පෙන්වා දුන්නේය. මේ ව්‍යාජ ප්‍රකාශ කළ පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම නන්දන ගුණතිලක ඉදිරිපත් කරන චෝදනාව ප්‍රකාරව තමන් විනිසුරුවරයෙකුගේ භූමිකාව දැරීමට නුසුදුස්සෙක් බැවින් ඒ සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාවට දැන්විය යුතු බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැරීමටත් නුසුදුස්සෙක් බැවින් මාධ්‍ය සාකච්ඡා නොපතවත්වා ඒ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යසත්ථාදායක සභාවටදැන්විය යුතු බවත් රංග දිසානායක නන්දන ගුණතිලකට දන්වා සිටී.
මේ අපහාස කිරීම් තනි පුද්ගලයෙකුට කරන අපහාසයක් නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන අපහාසයක් සේ සලකන්නට කොමිසම තීරණය කළ බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 118 වැනි වගන්තිය ප්‍රකාරව කොමිසමට අපහාස කිරීමක් සේ සලකා නන්දන ගුණතිලකට නීතිය ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් අවධාරණය කළේය.
තමන්ට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එල්ලවන චෝදනාවලට නිල වශයෙන් පිළිතුරු ලබා දීම සඳහා එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අද (02) පැවති මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් මෙසේ ද පැවසුවේය.යය
මම විශ්වාස කරනවා මේ රටේ මිනිස්සුන්ට මෙය පැහැදිලි කළ යුතු බව. මේ රටේ දේශපාලකයින්ට නෙමෙයි… මේ රටේ ජනතාවට. ඒකත් එක්කම තමයි මොවුනගේ අරමුණ පැහැදිලි වෙන්නේ.
මම විශ්වාස කරනවා රටේ මිනිස්සු මේ වෙලාවේ මා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබා තිබෙන බව. මෙහි එක් අරමුණක් තමයි ඒ විශ්වාසය කඩ කිරීම. ඒ විශ්වාසය කඩ කිරීම සඳහා මෙය සංවිධානාත්මකව කරන බව අපට පැහැදිලිව පෙනෙනවා.
ඊලඟ අරමුණ ලෙස අප හඳුනාගෙන තියනවා… දැන් මෙහෙම කළාම මොකද වෙන්නේ. අපි ඒ දේ පිටිපස්සේ යනවා. එතකොට මොකද වෙන්නේ. වෙන්නේ ආයතනය කරන්න ඕන මූලික අරමුණෙන් අපි බැහැර වෙනවා.
දැන් මට එල්ලවන චෝදනා බැලුවම කවුරුහරි ඇවිත් කියනවා එහෙම චෝදනා එල්ල වෙලා තියනවා කියලා. එහෙම චෝදනා ගැන කිව්වොත් පළමුකොටම මගේ දරුවා පාසලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන්.
ඒ පැමිණිල්ල ලැබුණට පසසේ මම ඉල්ලීම් තුනක් කළා. එක මගෙන් තොරව මා සම්බන්ද නොවී වෙනම විමර්ශනය කරන්න. ඒ විමර්ශනය කරලා මම එහි යම් වරදක් කර තිබේ නම් ඒ බව දන්වන්න. සේ වරදක් කර නැතිනම් ඒ බව මාධ්‍යයට දැනුම් දෙන්න. ඒ අනුව ඒ පුද්ගලයා සිදුකර තිබෙන්නේ අසත්‍ය පැමිණිල්ලක් නම් ඔහුට විරුද්ධව දූෂණ විරෝධී පනත යටතේ අසත්‍ය ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් සහ පනතේ 125-2 වගන්තිය යටතේ මට බලපෑමක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර ගන්න.
සියලු ලේඛන ගෙන්වාගෙන විමර්ශනයක් කරලා කොමිෂන් සභාව මා ලිපියකින් ඉල්ලූ පරිදිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි කිසිදු නීත්‍යානුකූල දෙයක් සිදුවී නැති බව. එහි තුන්වන පියවර ගැනීම සඳහාත් නියෝගයක් නිකුත් කර ඇති බව මා දන්නවා.
ඊලඟට නන්දන ගුණතිලක මහතා කළ ප්‍රකාශය. දැන් මම 2004 තමයි මහේස්ත්‍රාත්වයෙක් විදිහට බැඳෙන්නේ. 2020 තමයි මහාධිකරණ විනිසුරුවරයෙක් විදිහට පත් වන්නේ . 2025 දී තමයි ද්විතීයන පදනම මත මේ තනතුර භාරගන්නේ.
ඔබ හිතන්න මම ක්‍රියාකාරී දේශපාලනයේ සම්බන්ධ කෙනෙක් නම් මම විනිසුරුවරයෙක් විදිහටවත් සුදුසු නෑ. එතකොට නන්දන ගුණතිලක මහතා අවුරුදු 20ක් මේක කාටවත් කිව්වේ නෑ. අධිකරණ සේවා කොමිෂන් සභාවට කිව්වෙත් නෑ. ඔහුට අධිකරණ සේවා කොමිෂන් සභාවට කියන්න තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන කෙනක් විනිසුරුවරයෙක් විදිහට ඉඳිම සුදුසු නෑ කියලා. ඔහු කිව්වෙ නෑ.
ඒ වගේම මම කිසිම දවසක ඔහු කියන ආකාරයේ කමිටුවක ඉඳලත් නෑ. සම්බන්ධයකුත් නෑ. එය අනාවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕන. ඊට අමතරව ඔහු මේක ඇත්ත නම් කරන්න ඕන කුමක්ද ?. කෙනෙක් චෝදනා නගනවා නම් ඔහුයි එය ඔප්පු කරන්න ඕන. දැන් ඔහු එය ඔප්පු කළ යුතුයි… නැතිනම් ඔහුට එරෙහිව අල්ලස් කොමිසමට අපහාස කිරීමේ චෝදනාව මත නීතිය ක්‍රියාත්මක කරනවා..







