නඩුවක පාර්ශ්වකරුවන් චෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකථන පණිවුඩ වැනි වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන සන්නිවේදන ක්‍රම යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.
සිතාසි නිකුත් කිරීම සහ භාර දීම පිළිබඳව දැනට පවතින විධිවීධාන සංශෝධනය කිරීමේ අවශ්‍යනාව අධිකරණ ඇමතිවරයා විසින් පත් කරනු ලැබ ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව විසින් නිර්දේශ කර තිබුණි.
ඒ අනුව, එම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සංශෝධනයන් ඇතුළන් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම පිණිස සංශෝධිත පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යොජනාව
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.