දිනසේන රතුගමගේ –
නීති විරෝධී ලෙස උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කර මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු මේ මස 14 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළ යාපනය ඌර්කාවතුරේ මහේස්ත්‍රාත් එස්. ගජනිතිබාලන් ධීවරයින් පැමිණි යාත්‍රා පහේ පැදවුම්කරුවන් පස් දෙනාට මාස 18 ක අත්හිටවූ සිරදඩුවමක් වසර පහකින් ගෙවී යන ආකාරයට 8 දා නියම කළේය.
නාවික හමුදාව විසින් මෙම ඉන්දීය ධිවරයින් 22 සහ ඔවුන්ගේ යාත්‍රා 5ක් අත් අඩංගුවට ගෙන තිබුණේ අවස්ථා දෙකකදීය. ඒ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ දී ධීවරයින් 12 ක් හා පේදුරුතුඩුව මුහුදු සීමාවේ ධීවරයින් 10 ක් වශයෙනි.
ධීවර යාත්‍රා පැදවූ පිරිස සමග 28 දෙනෙකු යාපනයේ ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ධීවර යාත්‍රා රාජසන්තක කරණ ලෙසත් එම යාත්‍රා පැදවූ පස් දෙනාට අත් හිටවූ සිර දඩුවම් නියම කරන බවත් ප්‍රකාශයට පත් කොට ඉතිරි 22 දෙනා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කර තිබිණි.







