බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධර්මශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු මගට…

by editor
ජනවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ධර්මශ්‍රී කාරියවසම්   සිය නම මතභේදාත්මක ඖෂධයක් ආනයනය කිරීම හා සම්බන්ධ කරමින් සිය යූ ටියුබ් නාලිකාවේ  අසත්‍ය ප්‍රචාර පතුරුවා හැර මහජන කැළඹීමක් ඇති කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ධර්මශ්‍රී කාරියවසම්ගෙන්    රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබේ.

අමාත්‍ය නලින්ද ජයතිස්සගේ නීති කණ්ඩායම හරහා නිකුත් කරන ලද එන්තරවාසියේ දැක්වෙන්නේ   ඉන්දියාවේ මාන් ෆාමසියුටිකල් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද ඔන්ඩන්සෙට්‍රොන් ඉන්ජෙක්ෂන් ඇතුළු ඖෂධ දහයක් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්, සංකූලතා වාර්තාවීමෙන් පසු මෙම ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් මෑතකදී  අත්හිටවනු ලැබූ බවත්ය.

එසේ තිබියදීත්, ධර්මශ්‍රී කාරියවසම් තම යූ ටියුබ් නාලිකාව හරහා “ජීවිත බිලිගත් ඉන්දියානු ඖෂධයේ සැඟවුණු කතාව, නගරාධිපති බල්තසාර්ගේ ඥාතියා සහ අමාත්‍ය නලින්දගේ ආවරණය” යන මාතෘකාව යටතේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇති බව නීතිඥවරුන් පෙන්වා දෙයි.

මෙම වැඩසටහන මගින් ඖෂධය ආනයනය කිරීම, සැපයුම්කරු සමඟ කුමන්ත්‍රණය කිරීම සහ ගැටලුව සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජයතිස්ස සෘජුවම වගකිව යුතු බව නිරූපණය කර ඇති බව එම නීතිඥයින් සලකුණු කරයි.

මෙම ප්‍රකාශ අසත්‍ය, අපහාසාත්මක සහ ඔහුගේ කීර්තිනාමයට හානි කරන බව අමාත්‍යවරයාගේ නීතිඥවරු අවධාරණය කරති.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම වැඩසටහන PTC මෙඩිකල් අධ්‍යක්ෂවරුන් සහ කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර්ගේ පවුල අතර සම්බන්ධතා ඇති බවට ද චෝදනා කර ඇති අතර, එමඟින් දේශපාලනික අනුග්‍රහයක් පවතින බව පෙන්නුම් කර ඇති ආකාරය ද පෙන්වා දී තිබේ.

මෙය සාහසික බොරුවක් බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් දන්වා තිබේ.

ඒ අනුව ධර්මශ්‍රි කාරියවසම් වෙත යොමු කර ඇති එන්තරවාසියේ අන්තර්ගත ප්‍රධාන ඉල්ලීම තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස දැන්වීමය.

දෙවැන්න මේ ද්වේශ සහගත සාවද්‍ය ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගැනීමය. එම ප්‍රකාශ තවදුරටත් ප්‍රචාරය කිරීම නැවැත්වීමය.

තෙවනුව  සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමය.

නියමිත කාලය තුළ මෙම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, සිවිල් නඩුවක් ගොනු කර නීතිමය පියවර ගන්නා බව ඇමතිවරයාගේ නීතිඥවරුන් මගින් දැනුම් දී ඇත.

රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන  අමාත්‍ය නලින්ද ජයතිස්ස මින් පෙරදී ද  අවධාරණය කර  තිබුණේ දේශපාලන විරුද්ධවාදීන් හෝ වෙනත් පුද්ගලයන් විසින් පදනම් විරහිත චෝදනා සහ අසත්‍ය තොරතුරු සමාජගත කරන විට, ඒවාට එරෙහිව නිහඬව නොසිට නීතිමය පියවර ගන්නා බවය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අගය කරන අතරම, එම නිදහස අන් අයගේ අභිමානයට හානි කිරීමට භාවිතා නොකළ යුතු බව  ඇමතිවරයා වරෙක පෙන්වා දුන්නේය.  වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය හැසිරවීම පාලනය කිරීම සඳහා නීතිමය රාමුව තුළ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලය කවුරුන් විසින් ආරම්භ කළත් අවසන් කරන්නේ මේ රජයයි… අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියයි!

Next Post

ආපදා සහන විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව ජනතාව වෙත ගෙන යාමට නව ඩිජිටල් පද්ධතියක්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.