ධම්මික පෙරේරා චොක්ලට් සහ බිස්කට් හදන්න යයි

dhammika perera

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ඔහුට අයත් රෝයල් සෙරමික් සමාගම හරහා බිස්කට් සහ චොක්ලට් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

රෝයල් සෙරමික් සමාගමට අයත් රොසෙල් සෙරමික් ලිමිටඩ් නම් අක්‍රිය තත්ත්වයේ පවතින සමාගමක් බිස්කට් සහ චොක්ලට් කම්පැනි ලිමිටඩ් නමින් ප්‍රතිනාමගත කොට ඇති අතර මෙම කර්මාන්ත ශාලාවේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව ව්‍යාපාර ආරංචි මාර්ග හෙළි කළේය.

මෙම සමාගමට අයත් අක්කර 33ක ඉඩමක් හෝමාගම කිරිවත්තුඩුවේ ඇති අතර එම ඉඩමේ මෙම කර්මාන්ත ශාලාවත් කොකෝවා වගාවකුත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිලියන 400ක් පමණ වටිනා මෙම ඉඩම පසුගිය කලාපයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගැනීමට යෝජනා වී තිබූ අතර අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමකට එලඹීමෙන් එම ඉඩම යළි රැක ගැනීමට රෝයල් සෙරමික් සමාගම සමත් ව ඇත.

Exit mobile version