ධම්මපදයේ අත තබා දිවුරා රාජකාරිය භාරගත් බ්‍රිතාන්‍ය රාජ්‍යලේකම්වරිය….

Suella-Braverman

මහා බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ ලේකම් සුවාලා බ්‍රවර්මන් සිය ධූරය භාර ගැනීමේ දී බෞද්ධයින්ගේ අත්පොත වූ ධම්මපදය මත අත තබා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන් ආකාරය  ද ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරයි.

සුවාලා බ්‍රවර්මන්  යනු ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කළ බෞද්ධයෙක් බව එම වාර්තාවේ දැක්වේ.

නව ස්වදේශ ලේකම්වරිය ලෙස 42 හැවිරිදි සුවාලා බ්‍රවර්මන්  පත් වන්නේ එම තනතුර දැරූ නීතිඥ ප්‍රීති පටෙල් වෙනුවටය. ප්‍රීති පටෙල් මෙන්ම සුවාලා බ්‍රවර්මන් ද ඉන්දීය සම්භයක් සහිත කාන්තාවන්ය.

සුවාලා හින්දු දෙමළ සම්භවයක් සහිත මවකට  ගෝන්  සම්භවයක් ඇති කතෝලික පියෙකුට දාව ඉපදුනාය. ඇගේ මව මුරුසියේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වී සිටියාය.    පියා 1960 ගණන්වල කෙන්යාවෙන් සංක්‍රමණය වී තිබිණි.


සුවාලා  1980 අප්‍රේල් 3 වන දින ලන්ඩනයේ හැරෝ හිදී  උපත ලැබුවාය.

ඇය කේම්බ්‍රිජ් හි ක්වීන්ස් විද්‍යාලයේ නීතිය හැදෑරුවාය.   වසර දෙකක් ප්‍රංශයේ ජීවත් වූ අතර, සෝබොන් සරසවියේ යුරෝපීය සහ ප්‍රංශ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කළාය.

ඇය කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස පත්වන්නේ වර්ෂ 2015 මැයි මාසයේ දී ය. ඒ අග්නිදිග එංගලන්තයේ ෆෙයාර්හැම් හි මන්ත්‍රීවරය ලෙසය .

ඇය 2018 ජනවාරි සිට නොවැම්බර් දක්වා යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වූ දෙපාර්තමේන්තුවේ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොරිස් ජොන්සන්ගේ නායකත්වයෙන් යුත් රජයේ 2020-2022 අතර නීතිපතිවරයා වූයේ සුවාලා බ්‍රේවර්මන් ය. ඇය දෙදරු මවකි.

Exit mobile version