අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධනුෂ්ක ගුණතිලක තරුණිය දූෂණය කළ සිද්ධිය අධිකරණ වාර්තාවෙන් හෙළි වෙයි!

by editor
නොවැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ෆවුස් මොහොමඩ්

  • ලිංගික අතවරය අතර දැඩි ශාරීරික පීඩාවට පත් කරලා… තරුණිය මරණ බියට පත් වූ බවට අධිකරණයට තොරතුරු වාර්තා වෙලා…

  • මනෝ උපදේශන සේවයක සහාය අරන්… ඇතිවූ මානසික පීඩනය හේතුවෙන් ගැටලුවක් වී ඇතිදැයි දැනගන්න තරුණිය    මොළයේ ස්කෑන් පරීක්ෂණයක් කරගෙන...

  • මෙම ලිංගික එක්වීමට   පැමිණිලිකාර පාර්ශ්වයේ එකඟතාව හා කැමැත්ත තිබූ බවට චූදිතයා විශ්වාස කිරීම සාධාරණ යැයි පිළිගැනීමට විමර්ශකයන්ට හේතුවක් නැතැයි ද එම වාර්තාවේ සඳහන්…

  • සංචිතයේ ක්‍රීඩකයින් අයාලේ යනකම් ක්‍රිකට් කළමණාකාරිත්වය නිදාගෙන…  රාත්‍රී 8ට පෙර සිට පාන්දර 1 පසුවන තුරු ක්‍රීඩකයා රැඳී සිටින හෝටලයෙන් පිටට ඇවිත් මේ ලිංගික අපරාධයට සම්බන්ධ සිදුවීමේ ඉඳලා…

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ අතවරයට ලක් වූ බව කියන කාන්තාව එම සිදුවීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් පසුදින මොලයේ ස්කෑන් පරීක්ෂණයට පෙනී සිටි බව ඊයේ නිකුත් කළ ඔහුට එරෙහි  නඩු විභාගයේ අධිකරණ වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

නැගෙනහිර සිඩ්නි නුවර රෝස් බේ නමැති තදාසන්න ප්‍රදේශයක පිහිටි අදාළ කාන්තාවගේ නිවසේදී සිදු වූ බව කියන මේ ලිංගික අතවරය සම්බන්ධව පොලිසිය විසින් ගොනු කළ චෝදනා පත්‍රය සහ නඩු විභාගය සම්බන්ධව මාධ්‍යයට හෙළිදරවු නොකිරීමට පොලිසිය දැඩි උත්සාහයක් ගනු ලැබුවද, ඊයේ එරට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් සිඩ්නි නුවර ප්‍රකට නීතිඥවරයකු වන ඩුයිඩ් සිබ්ටේන් මහතා විසින් උසාවිය හමුවේ ගෙන හැර පෑ තර්කවලට අනුව අධිකරණ වාර්තාව මාධ්‍යයට නිකුත් කිරීමට පොලිසිය එකඟ වූ බව වාර්තා වේ.

නඩුවේ තොරතුරු මාධ්‍යයට.

පැමිණිල්ලේ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා සහ ඇයගේ අනවශ්‍ය පීඩාවන් සහ අපහසුතාවයන් වැළැක්වීම සඳහා නඩුවේ තොරතුරු යටපත් කළ යුතු බවට සිඩ්නි පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවද, පසුව එය ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව අනාවරණය වන තොරතුරුවලට අනුව ලිංගික අතවරයට ලක්වූ අදාළ කාන්තාව මරණ බියට පත් සිටි බව අනාවරණය වී ඇත.  එම සිදුවීමට පසුදින ඇය මනෝ උපදේශන සේවයක සහාය ලබා ඇති බව ද එම වාර්තාවෙන් හෙළි වී තිබේ.  මනෝ උපදේශන සේවය ඇමතීමේදී ඇයට සිය හැඬුම් නවත්වා ගැනීමට නොහැකි වූ බවට ද කරුණු වාර්තා වේ.

ලෝක ප්‍රකට ‘ටින්ඩර්‘ මිතුරු ඇසුරු කිරිමේ වෙබ් අඩවියක් ඔස්සේ පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා එකිනෙකා හඳුනා ගැනීමෙන් පසු තමා හමුවීමට බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස ධනුෂ්ක ගුණතිලක ඇගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද, ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

හමුවුන හැටි….

කෙසේ වුවද පසුගිය නොවැම්බර් මස 2 වැනිදා දෙදෙනා සිඩ්නි නුවරදී මුණ ගැසීමට කතිකා කරගෙන ඇත. ඒ අනුව එදින රාත්‍රී 8.20ට පමණ අදාළ කාන්තාව ඇය දන්නා හඳුනන පුද්ගලයන් පිරිසක් සමඟ ඔපෙරා අවන්හලක සිටියදී ඔහු පැමිණ ඇය මුණ ගැසී ඇතැයි ද, පසුව දෙදෙනා සිඩ්නි නුවර හන්ටර් වීදියේ පිට්සා අවන්හලකට ගොස්  රාත්‍රි ආහාරය ගෙන ඇතැයි ද එම වාර්තාවෙන් හෙළි වී තිබේ.

අධිකරණ වාර්තාවට අනුව ඊට පෙර ඔපෙරා අවන්හලේදී දෙදෙනා මත්පැන් පානය කර ඇතැයි ද වාර්තා වේ. රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු දෙදෙනා Circular Quay වීදිය දක්වා ඇවිදගොස් ඇති අතර, එහිදී නගරයේ බෝට්ටු ප්‍රවාහන සේවය ඔස්සේ  රාත්‍රී 11.00ට පමණ එම කාන්තාවගේ නිවෙස කරා ගොස් ඇතැයි අධිකරණ වාර්තාවෙන් අනාවරණය වී ඇත. බෝට්ටුව පැමිණෙනතුරු බලා සිටියදි ධනුෂ්ක එම කාන්තාව තුරුළු කරගනිමින් බලහත්කාරයෙන් ඇගේ දෙතොල් සිප ගෙන ඇතැයිද, අධිකරණ වාර්තාවෙන් කරුණු අනාවරණය වී තිබේ.

ගෙදර ඇරලවන්න ආවට පස්සේ…

ඇගේ නිවෙසට පැමිණි වහාම ඔහු ඇය සිප වැලඳ ගනිමින් ලිංගිකව එක්වීමට දැඩි උත්සාහයක නිරත වූ බවත්, ආරක්ෂිත කොපු භාවිත කරන්නේ නම් පමණක් ලිංගිකව එක්වීමට ඇය එකඟ වී ඇති බවත් අධිකරණ වාර්තාවේ දක්වා ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍යය සඳහන් කළේය.

ධනුෂ්ක ගුණතිලක සතුව ඒ මොහොතේ ලිංගික ආරක්ෂණ කොපු තිබී ඇති අතර, එය පලඳින බවට  ඔහු විසින් ඇයට ඒත්තු ගැන්වූවද, පසුව ඇගේ නිදන කාමරයේ සයනය අසල බිම ලිංගික ආරක්ෂණ කොපුවක් තිබෙනු ඇය දැක ඇති බව ද එම වාර්තාවේ ඇතැයි බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේය.  අවස්ථා කිහිපයකදීම ඇය ඔහුගේ ලිංගික අතවරයට ලක් වූ බව එම වාර්තාවේ සඳහන් වේ.

අදාළ කාන්තාවගේ නිවෙසේ පැය කිහිපයක් ගත කරමින් සිටියදී ඔහු විසින් ඇයට ලිංගිකව මෙන්ම ශාරිරීකව ද වේදනාවක් ගෙන දෙන ආකාරයෙන් හැසිරී ඇතැයි ද, ඇය ඉන් දැඩි කම්පනයට පත්ව ඇතැයි ද කියැවේ.

පසුව ආපසු යෑම සඳහා  Uber කුලී රථ සේවයෙන් වාහනයක් ඇණවුම් කරන ලෙස ඔහු ඇගෙන් ඉල්ලා සිටි බව ද එම වාර්තාවේ සඳහන් වන බව කියැවේ. පසුව ඔහු හැඳ පැලඳගෙන අළුයම 1.00 ට මොහොතකට පෙර ඇගේ නිවෙසින් පිටත්ව ගොස් තිබේ.

පොලිසියට පැමිණිල්ලක් 

පසුදින උදෑසන වේදනාවෙන් සහ ඉදිමුණු තොල් සහිතව අවදි වී ඇති අදාළ කාන්තාව මිතුරන් දෙදෙනකුට දුරකතන ඇමැතුම් දී ඇතැයි ද, අනතුරුව එම ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානය වෙත ගොස් මේ පිළිබඳ පැමිණිලි කරමින් ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

එහිදී ඇය ධනුෂ්ක ගුණතිලක සමඟ බෙදාගත් කෙටි පණිවිඩ සහ ඇමැතුම් සහිත තොරතුරු ද ලබා දී ඇති අතර, පසුව  සිඩ්නි නුවර රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලට ගොස් ලිංගික අතවරයෙන් යම්කිසි තුවාලයක් සිදුවී තිබේදැයි පරීක්ෂා කරගෙන ඇතැයි ද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

පැමිණිල්ල ලද සැණින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ පොලිසිය ඇගේ නිවෙසේ නිදන කාමරයේ තිබී ලිංගික ආරක්ෂිත කොපු, ටිෂූ සහ ඇඳ ඇතිරිලි සමඟ ඇඳුම් තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව පසුගිය ඉරිදා අළුයම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි සිඩ්නි නුවර Hyatt Regency හෝටලයේ දී ඔහු අත්අඩංගුවට ගෙන සරී හිල්ස් පොලිස් ස්ථානයට රැගෙන ආ බව අධිකරණ  වාර්තාවේ සඳහන් වේ.

විදුලි සෝපානයේ දී අත්අඩංගුවට

සිඩ්නි නුවර මුවර් පාක් ප්‍රදේශයේ සිට කණ්ඩායම් බස් රථයෙන් පැමිණ සිය හෝටල් කාමරයට යමින් සිටි ධනුෂ්ක අත්අඩංගුවට ගනු ලැබුවේ  විදුලි සෝපානය තුළදි බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පසුගිය සඳුදා සිඩ්නි විවර්ලි අධිකරණයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කළ ධනුෂ්ක ගුණතිලක  පැමිණිලි පාර්ශ්වයේ ඇතැම් ප්‍රකාශ පිළිගනු ලැබුවද, අකමැත්තෙන් ලිංගිකව එක්වීම හෝ ප්‍රචණ්ඩ ලෙස හැසිරීම සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

එහෙත් එම සිදුවීමේදී පැමිණිලිකාර පාර්ශ්වයේ එකඟතාව හා කැමැත්ත තිබූ බවට චූදිතයා විශ්වාස කිරීම සාධාරණ යැයි පිළිගැනීමට විමර්ශකයන්ට හේතුවක් නැතැයි ද එම වාර්තාවේ සඳහන් වන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර තිබේ.

විවර්ලි අධිකරණයේ මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් මහතා සියලු කරුණු සලකා බලා ධනුෂ්ක ගුණතිලකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කර ඇති අතර, ලබන වසරේ ජනවාරි මාසයේ 12 වැනිදාට නඩුව යළි කැඳවා තිබේ.

ඒ අනුව ඉදිරි මාස දෙකක කාලය තුල තවදුරටත් ඔහුට රිමාන්ඩ් බාරයේ සිටීමට සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දිනමිණ – 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුගේ තොරතුරක් මත පුදුකුඩීඉරිප්පු පොලිසීය රත්තරන් සොයයි…

Next Post

ඩයනා ගමගේ ගේ හොර පාස්පෝට් නඩුවේ විමර්ශන වහාම කඩිනම් කරන්නැයි අධිකරණය CIDයට නියෝග කරයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.