කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වූ ධනිෂ් අලී අගොස්තු මස 15 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.
අදාල නඩුව අද පෙරවරු 9.45ට ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ විභාග විය.
ජාතික රූපවාහනියට ඇතුළු වෙමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වැනිදා ඩුබායි දක්වා ගමන් කිරීමට සූදානම්ව ගුවන් යානය තුළ සිටිය දීය.
ධනිෂ් අලී අත්අඩංගුවට ගත් අවස්ථාව