බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොඩම්දූව එන්නත් කාර්ඩ් ලකුණු කළේ කවුද දන්නෙ නෑ…  දකුණු පළාත්  සෞඛ්‍ය බලධාරීන්ගේ කණවැන්දුම් කතා

by editor
අගෝස්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • එන්නත්කරණය නවත්වලා ගිහින් තියෙන්නෙ  එන්නත් ලකුණු කළ අයට එන්නත් නොදී… එන්නත්100ක් ඉතිරි තිබුණ බවදකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය  චන්දිම සිරිතුංග  පිළි ගනී.

  • ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා… පරීක්ෂණයක් කරලා වැරදි කළේ කවුද කියලා හොයන්න… මිනිස්සු කියති…

ලලිත් චාමින්ද –

දොඩන්දුව රෝහණ  විද්‍යාලයේ පැවති කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදිමේ  වැඩසටහනේ දි  එන්නත් ලබානොදි කාඩ්පත්වල සලකුණුකොට ඇති බව කියන සිද්ධිය හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරුන් දැනුවත්ව    සලකුණු කළ  එකක් නොවන බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය  චන්දිම සිරිතුංග   පවසයි.

චන්දිම සිරිතුංග ඔහුගේ ප්‍රකාශයට තුළ එන්නත්කරණ වැඩසටහනේ දී එම රාජකාරියේ සිටි කවුරුන් හෝ  එම එන්නත් කාඩ් ලකුණු කර ඇති බව පිළිගනී. එහෙත් එන්නත් ලබා දී නැති බවට ජනතාව නගන චෝදනාවට නිරුත්තරව හිඳී. එමෙන්ම   එන්නත් ඉතිරිව තිබිය දී එන්නත් ලබා දීම නවත්වා එන්නත් කාර්ඩ් පත්වල සලකුණු කළ පුද්ගලයින්ට එන්නත් නොදී පිටවී ගොස් ඇති බවත් ඔහු විසින් පිළි ගනී. 

මෙකී සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසුමකදි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා  කී සම්පූර්ණ කතාව මෙසේය.

එන්නත් ලකුණුකර ලබා නුදුන් කාර්ඩ්පත්

වෛද්‍යවරුන්  විසින් එන්නත් ලබාදිම සදහා අනුමැතිය ලබාදිලා සලකුණු කරපු කාඩ්පත් නෙවෙයි. සලකුණු කළේ කවුද කියලා අපි දන්නේ නැහැ යැයි. දොඩන්දුව රෝහණ  විද්‍යාලයේ පැවති කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදිමේ  වැඩසටහනේ දි  එන්නත් ලබානොදි කාඩ්පත්වල සලකුණුකොට ඇති බව කියන සිද්ධිය  සම්බන්දව අප කළ විමසුමකදි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය  චන්දිම සිරිතුංග මහතා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 හෙතෙම මෙසේද කිවේය.

එන්නත් කාඩ්පත සලකුණු කරලා තියෙන්නේ කවුද කියලා දන්නේ නැහැ. අපහසුතාවයකට ලක්කරන්න කලාද කියලා දන්නෙත් නැහැ. මට ඒ ගැන විස්තරයක් කියන්න බැහැ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය කියන්නේ.  එන්නත්කරණය කිරිමට සලකුණු කරපු කාඩ්පතක් නෙවෙයි කියලා.  ලියාපදිංචි කිරිම කරන්නේ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් . තමයි ගොඩක් වෙලාවට.. එන්නත ගහනවා කියලා  පොරොන්දුවෙලා  එන්නත් කාඩ්පත සලකුණු කරපු එකක් නෙවෙයි. වෛද්‍යවරු එන්නත්  කරනවා  කියලා සලකුණු කරලා නොගහපු කාඩ්පත් නෙවෙයි.  

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරිවසම් 04ක  ජනතාවට දෙවැනි මාත්‍රාව ලබාදිම සදහා තමයි රෝහණ විද්‍යාලයේ දි මෙකි එන්නත්කරණ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. නමුත් මෙකි ස්ථානයට මෙකි ග්‍රාම නිලධාරිවසම් 04 පදිංචිකරුවන්ට අමතරව  රත්ගම හා හික්කඩුවේ වෙනත් ග්‍රාම නිලධාරිවසම්වල පදිංචිකරුවන්ද ඇවිත් තියෙනවා. නමුත් එන්නත් තිබිලා තියෙන්නේ එම ග්‍රාම නිලධාරිවසම් 04 අයට සදහා පමණයි. එන්නත් ඉතිරිවුනොත් දෙන්නම් කියලා කියා තිබෙනවා. ඊට පසුව තමයි   කලබලයක් ඇතිවෙලා තියෙන්නේ. පොලිසියත් ආරක්ෂාවට මෙකි ස්ථානයේ ඉදලා තියෙනවා. නමුත්  තත්වය උණුසුම් වු නිසා යුධ හමුදාවත් මෙකි ස්ථානයට කැදවලා තියෙනවා. නමුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලය එන්නත්කරණ වැඩසටහන් කරගෙන ගිහින් තියෙනවා. නමුත් මේ ගැටළුව විසදිමට නොහැකිවිම නිසා ආරක්ෂක අංශවල උපදෙස්මත තමයි  සෞඛ්‍ය කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ගිහින් තියෙන්නේ. එන්නත් 100ක පමණ ප්‍රමාණයක් තමයි  ඉතිරිවෙලා තිබිලා තියෙන්නේ යැයි ද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

දොඩන්දුව රෝහණ  විද්‍යාලයේ පැවති කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදිමේ  එන්නත්කරණ  වැඩසටහනේ දි  එන්නත් ලබානොදි කාඩ්පත්වල සලකුණුකොට ඇති බවට පිරිසක්  චෝදනා කළහ.තමන්ට එන්නත් ලබානොදි යලි එන්නත් රැගෙන ගිය බවට එම පිරිස චෝදනා කළහ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය මගින් මෙම එන්නත් කරණ වැඩසටහන සංවිධානය කොට තිබුණි. 

 මෙකි පාසලේ පැවති එන්නත් කරණ වැඩසටහන ඉතා අසංවිධානාත්මකව සිදුකළ බවට  එම පිරිස චෝදනා කළහ. තමන්  රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචිකරුවන් නිසා තමන්ට එන්නත් ලබාදිමට නොහැකි බවට හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් ප්‍රකාශ කළ බවද ඔවුන් සදහන් කරති. මෙම තත්වයත් සමග එන්නත්කරණ මධ්‍යස්ථානය තුල දැඩි උණසුම්කාරි තත්වයක් ඇති වු අතර ඒ සමග මෙකි  තත්වය පාලනය කිරිම සදහා  යුධ හමුදාව කැදවිමට පවා සිදුවිය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීනි වංචාවට සම්බන්ධ හැමෝටම මිනිස්සු හෙණ ඉල්ලනවා – පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

Next Post

වාහන මිල පාලනය ගැන රජයට තවම අදහසක් නෑ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.