බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු… දැන් සන්තෝසයි ද?.. ඔබේ දානගෙවල්වලට ඇදපු බත් පැකට් තොගවල සිට වැඩසටහන්වලට ලක්ෂ ගණන් ගත්තේ මා ගැන නොදැන ද? කඩා දැමූ දෙහිවල සෝල් බිච් හෝටලයේ ප්‍රධානියා අසයි!

by editor
ජනවාරි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

  • කුඩු රජාගේ හෝටලය නම් අපව අත් අඩංගුවට අරන් දේපල රාජසන්තක නොකර නොදන්වා පැමිණ කඩා දැම්මේ ඇයි… ව්‍යාජ ලියවිලි හැදුවේ අපි නෙමෙයි… ඒක සිද්ධ වුන හැටි වෙනම හොයන්න…

  • සියලුම දේ කළේ නීත්‍යානුකූලව. හෝටලයට ආයෝජනය කළ හැටි පූර්ණ කටඋත්තරයක් ලෙස ඇති… එක් පුද්ගලයෙකුගේ උවමනාවට කළ  මේ අපරාධය සම්බන්ධව මම ජිනීවා විතරක් නෙමෙයි, මට යුක්තිය ඉටුකරගත හැකි හැම අන්තර්ජාතික අධිකරණයකටම යනවා….

  • මේ ඉදිකිරීම සඳහා අනුමැතිය ගන්න මැදිහත් වුනේ හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු… මට වෙච්චි අසාධාරණය ගැන කියන්න ඔහු මාත් එක්ක ඕන තැනකට එනවා කිව්වා.

මෙහෙයුම යුක්තිය නම් එහි ඇත්තක් තිබිය යුතු බවත්  දේශබන්දු තෙන්නකෝන්  පෑලියගොඩට පැමිණි දා සිට ඔහුගේ දානේ ගෙවල්වලට බත් පැකට් ගත්තේත් , වර්ෂ අවසාන සුහද හමුවලට තමන්ගේ ෆික්ස් ඩිපොසිට්වල එකතුවන මුදලින් කොටසක් ගත්තේත්, කොවිඩ් කාලයේ නිරෝධායනය වන පොලිස් නිලධාරීන් 205ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර  ලබා ගත්තේත්  තමන් කුඩු කාරයෙක් නිසාදැයි   හෝටලය සඳහා ආයෝජනය කළ ප්‍රධාන ආයෝජකයා මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන නියෝජිතයා වූ මෙහොමඩ් රිෆා පොලිසිය විසින් කඩා දැමූ දෙහිවල මුහුදු තීරයේ  Soul beach හෝටල් පිරිශ්‍රයේ සිට   මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.  

ඔහු පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් ගේ කඳුල නැමැති වැඩසටහනට රුපියල් ලක්ෂ විසි පහක් එකම මේසයක ඉඳගෙන ලබා ගනිද්දී තමන් ඔහු කී දේ මතක් කරන ලෙසය.  තමන්ගේ අක්කර 48ක පොල් වත්තේ කොටසක දැමූ දුම්කොල වගාවෙන් ලබා ගත් ආදායම වියදමට නොගන්නා ලෙස මව කළ ඉල්ලීම නිසා සමස්ථ ආදායම  වූ ලක්ෂ 25ම ඔහුට  දුන් ආකාරය දේශබන්දු තෙන්නකෝන් දන්නා බව  මොහොමඩ් රිෆා කීවේය.

හෝටලය කඩා ඉවත් කළ අවස්ථාව…

එහෙව් තමා කුඩු රජෙක් කර, සමස්ථ පවුලේ නම්බුවත්, සමාජ ගෞරවයත් නැති කර කෝටි ගණනක දේපල අනීතිකව විනාශ කළ දේශබන්දු තෙන්නකෝන්ට දැන් සතුටු දැයි මොහොමඩ් රිෆා ඇසුවේය.

ඔහු කීවේ  එක පුද්ගලයෙකුගේ උවමනාවට කිසිම නිතිමය පදනමකින් තොරව මෙම ගොඩනැගිල්ල විනාශ නොකර තමන් කුඩු කාරයෙක් නම් තමන්ව අත් අඩංගුවට ගෙන මේ ගොඩනැගිල්ල රජයට පවරා නොගත්තේ කුමක් නිසාදැයි ඔහු විමසුවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ ප්‍රවෘත්තිය දෙසැම්බර් 20 දා දැනගත් වහාම ඔහු ලංකාවට පැමිණ 23 වැනිදා පොලිසියට ගොස් සියලුම වියදම්, ආයෝජන සිදුකළ ආකරය පිළිබඳව විනිවිද පෙනෙන ලියැවිලි ඉදිරිපත් කර පැහැදිලි කළ බව ඔහු කීවේය.

එමෙන්ම මේ ඉදිකිරීම සිදුකලේ වෙරළ  සංරක්ෂණයේ බලපත්‍රයක් යටතේ ඔවුන් ලබා දුන් කොන්දේසි 09කට යටත්ව බව කී මොහොමඩ් රිෆා මේ සංචාරක හෝටලය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාතමේන්තුවේ අවසරය ලබා ගැනීමට මැදිහත්වන්නේ අරුන්දික ප්‍රනාන්දු හිටපු රාජ්‍ය ඇමතිවරයා බවය. ඒ සඳහා මාස දෙකක කාලයක් අධ්‍යක්ෂ මණ්ඩලය ගත කළ බව කී මොහොමඩ් රිෆා 2021.12.10  දින ලද  එම නෛතික  බලපත්‍රය මත, දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම බදු ගෙන තරු පන්තියේ හෝටලයක ප්‍රමිතීන් සහිත අවන්හලක් ඇතුළත් මෙම ඉදිකිරීම සදහා කෝටි 13ක් ආයෝජනය කළ බවත්, තමන් විදේශ ව්‍යාපාර කරමින් ඉපදවූ විදේශ විනිමය    ලංකාවට නීත්‍යානුකූල එවූ ආකාරයත් ඔහු සාධක සහිව පෙන්නුවේය.

එමෙන්ම විදුලිය, ජලය, ඇතුළු වෙනත් පහසුකම් නෛතිකව ලබා ගත්තේත් ඔවුන් එම පහසුකම් ලබා දුන්නේත් මෙය අනවසර ඉදිකිරීමක් නිසාදැයි රිෆා ප්‍රශ්න කළේය.

මෙම ස්ථානය කුඩු රජෙකුගේ නීත්‍යානුකූල නොවන දේපලක්නම් මේ ස්ථානය  විවෘත කරන අවස්ථාවේ ලංකාවේ දේශපාලන බලවතුන්   පැමිණ ආශීර්වාද කළේත්,  මැති ඇමතිවරු, ලේකම්වරු, ඔවුන්ගේ දරුවන්, සෑම තරාතිරමකම පොලිස් නිලධාරීන්, ඔවුන්ගේ දරුවන්  මෙතෙනට පැමිණ  හෝටලය කඩා දැමීමට පෙර දින දක්වා කා බී  ගියේ කුමක් නිසාදැයි ඔහු ඇසුවේය.

ඔහු හෙළි කළේ මේ අනීතක කඩා දැමීම සිදුවන්නේ ට්‍රොස් නැමැති ඩුබායි හි සිටිනා ඉසව් කළමනාකරණය කරනා ඔහුගේ  මිතුරෙක් විසින් දෙසැම්බර් 09 වැනිදා සංවිධානය කළ මෑත කාලයේ සිදුවූ සාර්ථකම වැඩසටහන පැවැත්වීමෙන් පසුව බවත් එය සිදුවන්නේ    එක් පුද්ගලයෙකුගේ උවමනාවට බවත් කීවේය.

“ මේ වෙරළ තීරයේ අපට යාබදව ඇති අනෙක් හෝටල්වල දිග පළල මැන බලන්න. අපේ හෝටලයේ දිග පළල මනින්න. අනීතික ඉදිකිරීම කුමක්ද කියන්න. ඔවුන් මුලින්ම කැඩුවේ වෙරළ සංරක්ෂණයට අයත් භූමිය නොවේ.  අපි බදු ගෙවපු දුම්රිය දෙපාර්තමේන්තුවේ භූමිය.

වෙරළ සංරක්ෂණයට අදාල  අනවසර ඉදිකිරීමක් නම් එය ඉවත් කරන්න ඕන වෙරළ සංරක්ෂණ නිලධාරීන්.   මේක කැඩුවේ පොලිසිය. මේ බැකෝ පිලියන්දල පොලිසියෙන් ගෙනත් ගල්කිස්ස පොලිසිය හරහා මෙතෙන්ට ගෙනාවේ ඒ බැකෝවල හිමිකරුවන්ගේ නම් මකලා.

“පොලිසිය කියන කුඩු රජාගේ අනවසර ඉදිකිරීම මේක නම් මේ ඉදිකිරීම ඔහුගෙනම් අපි නීත්‍යානුකූලව මේ ඉදිකිරීම කරන තුරු වසර දෙකක් තිස්සේ   බලාගෙන හිටියේ ඇයි. සංචාරක මණ්ඩලය ඒ ශ්‍රේණියේ අනුමැතියක් දුන්නේ ඇයි. විදුලි බල මණ්ඩලය ත්‍රී පේස් විදුලිය දුන්නේ ඇයි. වෝටර් බෝඩ් එක වතුර දුන්නේ ඇයි.?. යුක්තිකය කියලා අපි දැක්කා දේපල රාජසන්තක කළා. කඩලා දැම්මේ නෑ. අපිව ඇරස්ට් කරලා මේ දේපල රාජසන්තක නොකර මේ හෝටලය කැඩුවේ ඇයි?.”

“ දේශබන්දු මහත්තයා… දැන් ඔයාට සතුටු ද?. ටිරාන් මහත්තයා. ඔයාට දැන් සන්තෝසද?. මමත් ගියේ ඩී.එස්. එකට. ඔබතුමාගේ තාත්තාට ඩී.එස්. එකේ පන්ති කාමර තුනක් මගේ තාත්තා හදලා දීලා තියනවා. මලික් අලස් සහ මම එකට ක්‍රිකට් ගැහුවේ. ඔබත් මම ගැන දන්නවා.“

“ඇයි මහත්තයා මෙහෙම කළේ අපිට. යුක්තිය කිව්වොත් සත්‍යයක් තියෙන්න ඕන.  ජනාධිපතිතුමාගෙන්  මම ඉල්ලන්නේ මෙච්චරයි. මට වෙච්චි අලාභය, නම කැත කරපු එක, තනි පුද්ගලයෙකුගෙ උවමනාවට කරපු එක. මට මේ කරපු අපරාදෙට වන්දි ඕන. මේ කරපු අයට දඬුවම් දෙන්න ඕන.

මේ වගේ නින්දා සහගත අපරාධයක් ලෝකයේ කොහෙවත් වෙලා නැතිව ඇති.  හෝටලයක් කියන්නේ ජනතාවගේ දේපලක්. මේ රටට එන ආගන්තුකයන්ට සත්කාර කරන තැනක්.   දෙහිවල අවට මේ   මුහුදු තීරයට පළමු වතාවට වැඩිම  සංචාරකයො ගෙන්වපු තැන.  කිසිම නීතියක් නැතිව අපට කිසිම චෝදනාවක් එල්ල නොකර, කිසිම දැනුම් දීමක් කරන්නේ නැතිව එක් වරම ජනවාරි 01 වැනිදා හෝටලය විනාශ කර දැම්මා.

මට සාධාරණයක් අවශ්‍යයයි. මේ කරපු විනාශයට වන්දියක් අවශ්‍යයයි. මා සමග වැඩ කරන මගේ ආයතනයේ සේවකයින්ට රැකවරණයක් අවශ්‍යයයි.

අදින් පස්සේ මගේ ජීවිතේ, අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවිත අනාරක්ෂිතයි. ඔබ අපව ආරක්ෂා කරන්න.  මේ සම්බන්ධව මා හෙට සිට යන්න පුලුවන් හැම තැනකටම යනවා. ගිහින් අපේ අනාරක්ෂිත බව ගැන කියනවා.

ඒ වගේම මම යන්න ජිනීවා ඉඳලා කියන්න පුලුවන් හැම තැනකටම අපේ අවනඩුව කියනවා.

අපි වගේ මිනිස්සුන්ට මෙහෙම කරන්න එපා.”

මෙහොමඩ් රිෆා කීවේය.  එම පුවත්පත් සාකච්ඡාව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති අරමුදල මඟින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා මෙම වසරේ සිට 100% දක්වා ඉහළට

Next Post

සමස්ත ශ්‍රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.