දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ටී.එන්.ඒ නායකයන් හමුවේ…

දිනසේන රතුගමගේ –

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා යළිත් වරක් දේශපාලනමය ක්‍රියාදාමයක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටීමට දේශපාලන සිරකරුවන්ගේ ඥාතී සංගමයේ නියෝජිත පිරිසක් 27 දා  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හමු වී   තිබේ.

යාපනයේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති මේ හමුවට උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවඤාණම් ද සහභාගී වූ අතර ඥාතී සංගමය ඉල්ලා සිටියේ දෙමළ ජාතික සන්ධානය යළිත් ජනාධිපතිවරයා හා විෂය බාර අමාත්‍යවරයා  හමු වී මේ පිළිබදව සාකච්ඡා කරණ ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානය හා සෙසු දෙමළ දේශපාලන පක්ෂ එකතු වී මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරණ අතරතුර ජනාධිපතිවරයා හමු වීමටද කටයුතු කරණ බවට මේ සාකච්ඡාවේදී මාවෙයි සේනාධිරාජා මහතා පොරොන්දු වී තිබේ.


Exit mobile version