දේශපාලන චිට්වලට එන්නත් දීම දැන්වත් නවත්වන්න… GMOA වසංගත රෝග අංශයට කියයි..

Vaccine

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලනඥයින්ගේ චිට්වලට එන්නත ලබා දීම වහා නතර කර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ උදවියට කොවිඩ් මර්දන එන්නත වහාම ලබා දීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

රට තුල දැඩි සංචරණ සීමා පැනවුවද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා දිගින් දිගටම කටයුතු කරන බැවින් ඔවුන්ගේ ජිවිත ආරක්ෂ කිරීම රජයේ වගකීමක් බවත් ඔවුන්ගේ ජීවිත කඩා වැටුනහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටීම නතර කළ නොහැකි යැයි සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

වසංගත රෝග විද්‍යා අංශය එන්නත්කරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් අවම වශයෙන් ඔවුන්ගේ ගබඩාවන්වල පවතින එන්නත් ගණන පිලිබඳව හෝ නිසි දැනුමක් නොමැති බව ඔහු පෙන්වාදේ.

වසංගත රෝග විද්‍යාඅංශයේ නොපවතින එන්නත් තොගයන් හමුදාව සතුව පැවති අවස්ථාවන් පවා වාර්තා වී ඇතැයි වෛද්‍ය සෙනාල් පෙන්වාදේ.

කොවිඩ් රෝගයෙන් මේ වන විට වැඩි වශයෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60 ඉක්මව වූවන් බැවින් එන්නත් ලබා දීමේදී ඔවුන්ට මුල්තැන දීම වැදගත් බැවින් එන්නත් ලබා දීමේදී ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් යැයිද ලේකම්වරයා සඳහන් කරයි.

අතීතයේ පටන් ලංකාවතුල එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්ම වූ නමුත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඇතුලු නිලධාරීන් කීපදෙනෙකු විසින් මෙය අද අයාලේ යන තැනකට පත් කර ඇති බව සංගමය පෙන්වාදේ.

එම නිසා එන්නත්කරණ වැඩපිළිවෙළට ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ප්‍රජා වෛද්‍ය විශේඥෂවරයෙකු යටතට පමුණුවාලීමට කටයුතු කරන්නැයිද ලේකම්වරයා ඉල්ලා සිටියි.

Exit mobile version