දේශපාලන අත්දැකීම් නැති ජනපති තීන්දු ගැනීමට පෙර දේශපාලන පරිණතියක් ඇත්තන් විමසිය යුතුයි!

ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි...

ජනාධිපතිවරයාට දේශපානලය පිළිබඳ අත්දැකීම් නැති බැවින් යම් තීන්දුවක් ගැනීමට පෙර පරිනත දේශපාලන අත්දැකීම් සහිත පිරිසකගෙන්  උපදෙස් ලබා ගැනීම යෝග්‍ය බව ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ  ආණ්ඩුවට ජනතාව සමග සිටීමට කිසිම අවශ්‍යතාවයක් නැති බව පෙනන අයුරින් කටයුතු කිරීමේ තවත් අවස්ථාවක් ලෙස සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ඉවත් කිරීමෙන් පෙනුන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

යමකට ඇහුම්කන් දෙන පරිචයක් සහිත ජනතාව තුළ යම් ප්‍රසාදයක් සහිතව සිටි ඇමතිවරයෙක් එක්වරම ඉවත් කිරීමට ගනු ලබන මෙවැනි තීරණ දේශපාලනිකව කිසිම යහපතක් නැති, මිනිසුන් තව තවත් ආණ්ඩුවෙන් කළකිරවන තීරණ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.


“අපි මහජනතාවත් එක්ක ඉන්නෙ. මිනිස්සු  ආණ්ඩුව එක්ක පුදුම විදිහට කලකිරීමක ඉන්න බව මේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි.  අපි මහජනතාව එක්ක කතා කරනවා. ඔවුන් කවුරුවත් මේ අයගේ හොඳක් කියන්නෙ නෑ.“

“   වැඩ බැරි  නොසුදුසු මිනිස්සු මේ ආණ්ඩුව තනතුරුවලට  පත් කරන් ඉන්නවා කියලා අපිත් දන්නවා.  එහෙම උනාම ආණ්ඩුවට යහපතක් වෙන්නෙ නෑ. ජනාධිපතිතුමා දේශපාලනය පිළිබඳ පරිනත කෙනෙක් නෙමෙයි. එහෙම උනාම ඒ විෂය සම්බන්ධව පරිනත බුද්ධියක් තිබෙන අයගෙන් උපදෙස් ගන්න ඕන. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෙංගමුවේ නාලක හිමියන් පැවසූයේ එසේය.

Exit mobile version