අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයින්ගේ අනීතික බලපෑම් දරාගත නොහැකිව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරු හැර යයි!

by editor
ජූනි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අමිල සම්පත් ශ්‍රී –

රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා  මනම්පේරි පවසයි.

මීට වසර එක හමාරකට පමණ පෙර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි   සිය කටයුතු කිරීමේ දී නීතියෙන් පිට හිතවත්කම් මත රාජකාරිය පාවා නොදුන් නිලධාරිනියක බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ප්‍රමුඛ එවකට පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, දේශපාලන හිතවතුන්ට රජයේ ඉඩම් ලබා නොදීම සහ ඒවා අත්පත් කර ගැනීමට අවස්ථාව නොදීම හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග විරසකවී ඇතැයි දැනගන්නට ඇත.

තමාට ලබාදුන් නිල රථය අව්වේ නවතා තැබී යැයි කියමින් දිසාපතිවරයා තමාගෙන් කිහිපවිටක්ම වාර්තා කැ‌ඳවූ බවත් අරගලකරුවන් ගිනි තැබූ දේශපාලකයන්ගේ නිවාසවලට පූර්ණ හානි වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය දේශපාලනඥයන් අනවසරයෙන් අල්ලා ගත් ඉඩම්වලට බලපත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද දිසාපතිවරයා කිහිපවතාවක්ම වාර්තා කැ‌ඳවූ බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.

තමා නිවෙසට යන එන සෑම අවස්ථාවකදීම විවිධ පුද්ගලයන් යොදවා තමාට විවිධ බලපෑම් කළ බවත් දරුවන්ගේ සහ තමාගේ ජීවිතවලට තර්ජනයක් වූ නිසා ප්‍රාදේශීය ලේකම් තනතුරින් යන බවත් ඇය කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර 2021 අගෝස්තු 11 වැනිදා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි   ඉන්ධන හිඟයක් පැවැති සමයේ ප්‍රදේශයට ලැබුණු ඉන්ධන තොග තම පෞද්ගලික මැදිහත්වීම මත ගැටලු ඇති නොවන සේ බෙදා හැරීමට කටයුතු කළ බවද ප්‍රදේශවාසීහු පවසති.

ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන චන්දිමා මනම්පේරි  ප්‍රාදේශීය ලේකම් ධුරයෙන් ඉවත්ව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස මාරුවක් ලබා පෙරේදා (3) පිටත්ව ගියාය.

මේ අතර කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය, ප්‍රාදේශීය ලේකම්වරියගේ හදිසි මාරුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ජනතාවගේ ගැටලු විසඳීමට දිවා රෑ නොබලා කටයුතු කළ ඇය අතිදක්ෂ නිලධාරිනයක බව ජනාධිපිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

නිලධාරිනියකට එහා ගිය ගෞරවනීය සේවයක් ඉටු කළ මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ද ඇය නැවත එම තනතුරේම පිහිටුවීමට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මේ අතර ඇය ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගැනීමට පෙර සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා රැසක් ඇය සේවය කළ වසර එක හමාරක කාලයේ දී නිවැරැදි කළ බව ද ප්‍රදේශවාසීහු කියති.

ලංකාදීප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

Next Post

X-Press Pearl නඩුව සමථයකට පත් කරන්න නීතිපති ප්‍රධානත්වයෙන් ලංකාවෙන් කමිටුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.