බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයා එන ගමන් ජපානයෙන් ගේන්න ඉල්ලූ ඇස්ට්‍රාසෙනිකා තොගය අද හෙටම දිවයිනට

බාල සංදර්ශනය නවතී... එන්නත එන කාල වකවානුව යුනිසෙෆ් කාර්යාලය තහවුරු කරයි.

by editor
ජූලි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් ප්‍රදානය කරන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය හැකි ඉක්මනින් මෙරටට ගෙන ඒමට මේ වනවිට අවශ්‍ය කටයුතු යොදා ඇති බව යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලය සඳහන් කරයි.

එහි සන්නිවේදන උපදේශන සහ සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී බිස්මාක් ස්වැන්ගින් ලංකාසරට ප්‍රකාශ කළේ ජපාන රජයෙන් කොවැක්ස් පහසුකම මත පිරිනමන මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙරටට ගෙන ඒමට අදාළ ප්‍රවාහන කටයුතු මේ වනවිට සම්බන්ධීකරණය වෙමින් පවතින අතර හැකි ඉක්මනින් ඒවා ගුවන් මගින් ශ්‍රි ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවය.

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රි ලංකාවට ජපානයෙන් ලැබෙන මෙම එන්නත් තොගය එක් තරුණ දේශපාලකයකු තමන් විසින් ජපානයෙන් ගෙන ආ බවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරමින් සිටි බව වාර්තා විය. ඔහු ජපානයේ සිට ලංකාවට පැමිණෙන දිනය එන තෙක් එන්නත් තොගය මෙරටට ගෙන්වීම ප්‍රමාද කරවන තත්ත්වයක් පැවති අතර මේ හේතුවෙන් එම එන්නත් ගෙන්වීමේ කටයුතු පමා වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කළේය.

මෙම දේශපාලකයා තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදු කොට ඇත්තේ බස්නාහිර පළාතේ පන් ලක්ෂ තිස් හත් දහසකට අධික පිරිසක් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත නොහැකිව මාස ගණනක් තිස්සේ අසරණ ව සිටින පසුබිමක් තුළ වීම විශේෂත්වයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාවෙන් සති 8ත් 12ත් අතර කාලයක් තුළ දෙවන මාත්‍රාව ලබා දිය යුතු බවට ප්‍රකාශ වුවද මෙම පළමු එන්නත් මාත්‍රා ලාභීන් දැන් දෙවන මාත්‍රාවෙන් තොරව අවම වශයෙන් සති 15ක් 16ක පමණ ගත කොට ඇති බව සඳහන් වෙයි.

පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණත් පෙන්වා දුන්නේ මෙරට කොවිඩ් හේතුවෙන් මිය යන බොහෝ පුද්ගලයන් එන්නත සම්පූර්ණ වශයෙන් ලබා නොගත් පුද්ගලයින් බැවින් කඩිනමින් එන්නත්කරණය සම්පූර්ණ කිරීමෙන් මරණ වළක්වා ගත හැකි බවය.

එවැනි අවදානම්කාරී පසුබිමක් මත මෙරට බලවත් දේශපාලකයකු විසින් කරන ලද ඉල්ලීම ජපාන රජය මඟින් බැහැර කරනු ලැබ ඇති බව වාර්තා වන අතර ඒ අනුව ජපානයේ ඇස්ට්‍රා සෙනිකා නිෂ්පාදකයා වන ඩයිචි සන්ක්යෝ සමාගමෙන් මෙම එන්නත් තොගය වහා ලබාගෙන ශ්‍රි ලංකාවට එවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 14ක් මෙලෙස ඉදිරි දින දෙක තුන තුළ පැමිණීමට නියමිතය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA නිසා රෝහලකටවත් වද්ද නොගත් සුවසැරියට අවුරුදු 05යි… සුවසැරිය දියුණු කරන බව ජනපති කියයි…

Next Post

මහනුවර “අසාත්මිකතා ඇතිවූවන් සඳහාවන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන“ නවතී…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

Comments 1

  1. Y.M.W. Dahanayaka says:
    වසර 5ක් ago

    ඔබේ මධ්‍යස්ථභාවය අපි අදත් හෙටත් අපේක්ෂා කරමු..

    පාඨකයා රවටන මාධ්‍ය කරනයට දැන් ඉඩක් නැත .

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.