ලොව විශාලතම එන්නත් නිපදවීමේ ආයතනයවන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් හි ප්‍රධාන විධායක නිලධාරීයා Adar Poonawalla තමන් වෙත එන දරාගත නොහැකි පීඩනය හමුවේ ඉන්දියාවෙන් පිටත්ව එංගලන්තය බලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ සිට ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු පවසා තිබුණේ කොවිඩ් මර්ධනය සඳහා යොදා ගනු ලබන කොවිශිල්ඩ් එන්නත ලබා දෙන ලෙස ඉල්ලමින් තමන්ට ඉන්දියාවේ දේශපාලඥයින් සහ බලවත් පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බවය.
කොවිශිල්ඩ් එන්නත නිපදවනු ලබන සීරම් ඉන්ස්ටියුට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ සියලු වගකීම් සියල්ලම තමන්ගේ උරහිස මතට වැටී තිබෙන බවය.
එමෙන්ම ඇතිව තිබෙන තත්ත්වය සලකා බලා කොවිෂිල්ඩ් එන්නත ඉන්දියාවෙන් පිට වෙනත් ස්ථානයක නිපදවීමට තමන් පියවර ගන්නා බව Adar Poonawalla ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවේ දී කිවේය.