දේව බලයෙන් ලෙඩ සුව කරන බව කී ගැහැණිකගෙන් සිහි නැතිවනතුරු ගුටි කෑ දැරියක් මිය යයි…

දේව බලයෙන් ලෙඩ සුව කරන බව කියූ කාන්තාවක් අමනුස්ස දෝෂයකින් පෙළෙන බව කී 09 හැවිරිදි දැරියකට සිහි සුන්වන තුරු වේවැලකින් පහර දීමෙන් පසු එම දැරිය මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

දේව බලයෙන් ලෙඩ සුව කරන බව කියන මෙම කාන්තාව මේ වනවිට මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අමනුස්ස දෝෂයකින් පෙළුන බව කී මීගහවත්ත කටුබොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ප්‍රතිකා ගැනීම සඳහා මෙම දේව බලය සහිත බව කී ගැහැණිය වෙත රැගෙන ගොස් ඇත්තේ එම දැරියගේ මව විසිනි.


එහි දී සැකකාර කාන්තාව  දැරියට තෙල් දැල්වීමක් සිදු කර ඇත. එහි දී දැරිය කලබල වීම නිසා සැකකාර කාන්තාව වේවැලක් රැගෙන දැරියට සිහි සුන් වනතුරම පහර දී තිබේ.

පසුව සිහි සුන් දැරිය බියමම රෝහලට ඇතුළත් කර ඇත.  එහිදී ඇය මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ අරඹා ඇත.

 

Exit mobile version