දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයා කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වීමත් සමගම සෙසු සත්ත්වයින්ගේ සාම්පල රහසිගතව පර්යේෂණ සඳහා යොමු කිරිමට පරිපාලන නිළධාරින් කටයුතු කරන බව දැනගන්නට තිබේ.
සිංහ ධේනුව මේ වන විට කොවිඩ් 19 වෛරසයට ගොදුරුව ඇති බවට සත්වොද්‍යාන විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වා සිටින අතර ඇයගේ පටක පරික්ෂාව හෙවත් පීසීආර් පරික්ෂණ සිදු කොට ඇත්තේ රාගම වෛද්‍ය පීඨයේදි බවද දැනගන්නට තිබේ.
රාගම වෛද්‍ය පීඨයේ ඇත්තේ මානව පර්යේෂණ සඳහා වන පහසුකම් පමණක් වන අතර එහි සත්ත්ව පටක කොටස් නිවැරදි ලෙස පර්යේෂණයට නතු කිරිමට අවශ්‍ය පහසුකම් නැති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව ඇතැම් විට වෛරසය ආසාදනය ඇතිද නැතිද යන තහවුරු වීම නිවැරදි ලෙස ලබා ගත නොහැකි බවද මෙය සම්පූර්ණයෙන්ම සත්ත්ව සෞඛ්‍ය ආරක්ෂා කිරිමේ පනත උල්ලංඝනය අවස්ථාවක් බවද පශු පර්යේෂකයින් දන්වා සිටි.
දෙහිවල සත්වොද්‍යානයේ සත්ත්වයිනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රට පුරා ප්‍රචලිත වීමෙන් පසුව තොරතුරු වසං කිරිමේ අරමුණින් මෙලෙස කටයුතු කරනු දක්නා ලැබෙන බවද ඔවුහු දන්වා සිටි