බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙහිවලදී බස් අසිත ඝාතනයට වෙඩික්කරු රැගෙන පැමිණි පැදිකරු අත්අඩංගුවට පත් වන්නේ තවත් ඝාතනයක් සැලසුම් කරමින් සිටියදී… විමර්ශන අංශ හෙළි කරයි..

by editor
ඔක්තෝබර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉකුත් 18 වැනිදා දෙහිවල දුම්රියපොළ පාර අසල සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෝටර් රථයක සිටි බඩෝවිට අසංක නැමැත්තාගේ සමීප ඥාතියකු වන බස් අසිත නැමැත්තාට සිය මෝටර් රථය තුළ සිටියදීම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු රැගෙන පැමිණි  පැදිකරු පොලිස් අත් අඩංගුවට පත් වන්නේ තවත් ඝාතනයක් සඳහා සැලසුම් කර සිටියදී  බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දෙනෝ දාහක් බලා සිටිය දී දෙහිවල දුම්රිය ස්ථානය අසල උදෑසන 11ට පමණ යතුරුපැදියකින් බැස සිය ඉලක්කය අසලටම පැමිණ වෙඩි තබා පලා ගිය වෙඩික්කරු විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙක් විය. ඔහු කහතුඩුව ප්‍රදේශයේ කුරුඳු වාඩියක් තුළ සිටිය දී විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් එල්ල කළ වෙඩි පහරකින් මිය ගියේය.

සිද්ධියට කුලී ඝාතකයා රැගෙන පැමිණි යතුරුපැදියේ පැදිකරු ඊයේ (04) දිනයේ අත් අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේ දී ඔහු සන්තකයේ තිබී කඩු පහක්, කිනිස්සක් සහ රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් පොලිිසය භාරයට ගෙන තිබිණි. ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ බඩෝවිට අසංකගේ සමීපතමයෙකු වන බොරලැස්ගමුවේ දිනුක නමැත්තෙකු ආයුධවලින් කපා ඝාතනය කිරීම සඳහා කොස් මල්ලි විසින් ඔහු වෙත මෙම ආයුධ සපයා ඇති බවය.

මෙම පැදිකරු අත් අඩංගුවට පත් නොවුනේ නම් මෙම ඝාතනය කිරීමට නියමිතව තිබී ඇත.
එමෙන්ම බස් අසිතට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ලබා දුන් කොන්ත්‍රාත්තුවට අනුව කොස්මල්ලී විසින් මෙම සැකකරුට ලක්ෂ හතක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ. සැකකරු ප්‍රකාශ කර තිබුණේ මුලින් ලක්ෂ තුන හමාරක් සහ අනතුරුව විටින් විට ඉතිරි මුදල කොස්මල්ලී විසින් ඔහුට ලබා දී තිබුණු බවය.

දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුවා සැකකරු පදිංචි නිවස අත්හැර දමා දකුණු පළාතේ විවිධ ස්ථානවල සැඟව සිට යළි තත්ත්වය සමහන්ව ඇතැයි සිතා සිය නිවසට පැමිණ ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කල විමර්ශනයකින් අනතුරුව අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු අත් අඩංගුවට ගන්නේ ගල්කිස්ස සීවලි පාර ප්‍රදේශයේ නිවසේදී ය. පැදිකරු ඔහු 34 හැවිරිදි

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන බඩෝවිට අසංක සහ කොස්මල්ලි අතර ඇති වී තිබෙන මිනී මරාගැනීම් නිසා පසුගිය සති කිහිපය තුළ ගල්කිස්ස, බඩෝවිට, කළුබෝවිල, දෙහිවල ආදී ප්‍රදේශ තුළ වෙඩි තැබීම් රාශියක් සිදුවිය. මෙම වෙඩි තැබීම්වලින් දෙපාර්ශ්වයෙන්ම මැරුම් කෑ සංඛ්‍යාව 9කි. මෙම වෙඩි තැබීම් මෙහෙයවන බඩෝවිට අසංක මෙන්ම කොස්මල්ලිද මේ වන විට සිටින්නේ විදෙස්ගතවය.

ගල්කිස්ස බඩෝවිට අදියර කිහිපයක බඩෝවිට අසංක සිය මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කර ඇති අතර දෙහිවල ඕබන් පෙදෙස සහ දෙහිවල වෙරළ තීරය අවට කොස්මල්ලි සිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරයි. කෙසේ වෙතත් අසංකගේ පාර්ශ්වය කොස්මල්ලිගේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත ප්‍රදේශවල සිය ගෝලබාලයන් යොදවා ඔහුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට කටයුතු කිරීමත් සමඟ මෙම ගැටුම ඇතිව ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇල්පිටියේ වෙඩි තැබිමක්… මත්ද්‍රව්‍ය තොරතුරු පොලිසියට ලබා දීමෙන් කුපිත වූ ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයක් දැයි පොලිසියට සැක…

Next Post

සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවේ… ජනපති මහානායක හිමිවරුන්ට කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.